පොඩි ලැසීට ඇප ගැනීමේ උත්සාහයකට ලංකාවෙන් නීතිඥවරු දෙදෙනකු ඉන්දියාවට

නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුල්වීමේ චෝදනාව යටතේ දැනට එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසීට නීති උපදෙස් සහ ඇප ලබා ගැනීමට නීතිඥවරුන් දෙදෙනෙකු අද (18) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ පේෂල කංගොඩආරච්චි සහ නවීන් ජයමාන්න යන නීතිඥවරුන් දෙදෙනා මෙසේ පිටත් ව ගිය බවයි.

එහිදී අදහස් දැක්වූ එම නීතිඥවරුන් පොඩි ලැසීට එරෙහිව ඉන්දියාවට නීතිවිරෝධී ලෙස ඇතුල්වීම පිළිබඳ චෝදනාවක් පමණක් එල්ල වී ඇති බවත්, ඔහුට ඒ සඳහා අවශ්‍ය නීති උපදෙස් ලබාදෙමින් ඇප ඉල්ලීමට තමන් කටයුතු කරන බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ පොලීසියට පොඩි ලැසී සෙවීමට අවශ්‍ය කරන චෝදනා කිසිවක් නැති අපරාධ සඳහා නම් වී ඇති සැකකරුවෙකු නොවන බව ද ඔවුන් පැවසුවා.

ඔහුට එරෙහිව ශ්‍රී ලංකාවේ අධිකරණ කිහිපයක ම නඩු ගණනාවක් විභාග වෙමින් පවතින බවත්, ඒ කිසිදු නඩු කටයුත්තක් සඳහා ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් වී නොමැති බවත්, තමන් එම නඩු කටයුතු සඳහා අවශ්‍ය සහාය දක්වන බවත් එම නීතිඥවරුන් දෙදෙනා පැවසුවා.

ඉන්දියාව තුළ දී තම සේවාදායකයා වෙනුවෙන් මේ වනවිටත් ඉන්දීය නීතිඥවරුන් කීපදෙනෙකු පෙනී සිටින බවත්, ඉන්දියාවේ දී ඇප ලැබුණහොත් ශ්‍රී ලංකාව තුළ පොඩි ලැසීට ආරක්ෂාව පිළිබඳ ව ප්‍රශ්නයක් පවතින බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.

මෙම නීතිඥවරුන් දෙදෙනා අද (18) පස්වරු 04.00ට ඉන්දියාවේ මුම්බායි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 275 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියා.

මෙම නඩුව එළඹෙන 21 වැනි දින ඉන්දියාවේ මුම්බායි නුවර තානේ ( Thane ) අධිකරණයේ දී විභාග වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
0
+1
1
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?