ලොව බිහි වූ විශිෂ්ඨතම පා පන්දු තරුව ලෙස සැළකෙන බ්‍රසීලයේ පේලේ දිවි ගමන නිමා කළ බව විදෙස් මාධ්‍ය ඊයේ රාත්‍රියේ වාර්තා කළා.
මිය යනවිට ඔහු 82 හැවිරිදි වියේ පසු වුණා.
බඩවැල්වල ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඔහු සාඕ පාවුලෝ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස අභාවප්‍රාප්ත වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
අවසන් දින කීපයේ පේලේගේ පවුලේ සාමාජිකයන් රෝහලට පැමිණ පේලේ අසළ රැඳී සිටි බවයි තොරතුරු වාර්තා වන්නේ.
මේ අතර මෙම විශිෂ්ඨයාගේ සමුගැනීමෙන් ශෝකයට පත් පාපන්දු පිටියේ සුපිරි තරු සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ශෝකය පළකර තිබුණා.








ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



