පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරියකගේ සිරුරක් නිවසේ එල්ලෙයි

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකගේ සිරුරක් ඇය ජීවත් වූ නිවසේ වහලේ එල්ලෙමින් තිබිය දී ඊයේ (03) සොයාගත් බව කඩුගන්නාව පොලිසිය පවසනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ පේරාදෙණිය රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කළ 54 හැවිරිදි වෛද්‍යවරියකගේ සිරුරක් බවයි වාර්තා වන්නේ.

කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන මෙම වෛදවරියගේ මෙම අභිරහස් මරණය කිසිම් අපරාධයක් ද නැතහොත් සියදිවි හානිකර ගැනීමක් ද යන්න තවමත් අනාවරණය වී නැහැ.

මැය ජීවත් වූ නිවසේ ඇයගේ මව, ස්වාමිපුරුෂයා සහ නැඟණිය ද ජීවත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් වන පස්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු දේහය ඥාතීන් වෙත භාරදී තිබෙනවා.

  1. බල්ලන් උඩු බුරු දැමුවට කඳු පාත් වන්නේ නැත.පැරණි ගුරුවරයකු ලෙස එම ගුරුමහත්මියට මාගේ ගෞරවය පුදකරමි.



අපගේ නවතම වීඩියෝ පුවත්