පේරාදෙණියේ හිටපු උපකුලපතිට පහරදුන් සිසුන් යළි රිමාන්ඩ්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයා ඇතුළු පවුලේ සාමාජිකයන්ට පහර දී නිල නිවසට අලාභහානි සිදු කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ සරසවි සිසුන් 13 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් ලබන 18 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ සිසු පිරිස අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ ද වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමයේ වත්මන් සභාපති චමෝත් සත්සර සිසුවා ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හා හිටපු සභාපති යන දෙදෙනා ගේ ශිෂ්‍යභාවය පසුගිය 27 දින තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

ඊට දින දෙකකට පසුවයි හිටපු සභාපතිවරයා මහනුවර අධිකරණ සංකීර්ණය ආසන්නයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.

හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත්, නිල නිවසටත් පහර දීම සම්බන්ධයෙන් සී.සී.ටී.වී දර්ශන ඔස්සේ හඳුනා ගත් සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය පසුගිය 13 දින විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අත්හිටුවීමෙන් පසු එම සිසුන් පේරාදෙණිය පොලීසියට භාර වුණා.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එම සිසුන් පසුගිය 22 වැනි දින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර එහි දී හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසින් සිසුන් 06 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

යළිත් සිසුන් සියලු දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර අද නඩුව කැඳවන ලද අවස්ථාවේ සිසුන් වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරු හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී හඳුනා නොගත් සිසුන්ට හෝ ඇප ලබාදෙන ලෙසටයි ඉල්ලීමක් කළේ.

කෙසේවෙතත් පොදු දේපොළ පනත යටතේ සැකකරුවන්ට එරෙහිව කරුණු වාර්තා කර තිබීමත් සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අවසන්ව නොමැති නිසාත් සිසුන්ට ඇප ලබාදීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34