පෙරහැර විචිත්‍රවත් කරන හස්ථි පරපුර අඩුවීමට විසඳුම පෙරහැර නතර කිරීම නොවෙයි – සජිත්

අද වන විට අප රට භයංකාර ආර්ථික තත්ත්වයකට මුහුණ දෙන නිසාවෙන් දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජන ජිවිත කුඩා වී ආදායම් මාර්ග අහිමි වී ඇති බැවින් සෛරීත්වය, භෞමික අඛණ්ඩතාව, දේශපාලන නිදහස, සංස්කෘතිය රැකගෙන රට දියුණු කරන්න කැපවිය අතර වහල්භාවයෙන් මිදිය යුතු බවත් විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ඊයේ (28) රාත්‍රියේ 19 වැනි වතාවටත් පැවැති තිස්සමහාරාම පන්නෙගමුව දියබැඳි විහාරස්ථානයේ වෙසක් මංගල්‍යට සමගාමීව පැවැති රුහුණු වෙසක් මහා පෙරහැර අවස්ථාව හා එක්වෙමින්.

කෙසේ වෙතත් රට මුහුණදෙන මෙම අන්තරාදායක තත්ත්වය උපයෝගී කරගෙන අප රට භූ දේශපාලනයේ කෙළිබිමක් කර ගන්නට බොහෝ පාර්ශ්ව උත්සාහ කරන බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

එයට ඉඩ දිය නොහැකි බවත් රට සුරක්ෂා කරනවා සේම රටේ ජනතාවද ශක්තිමත් කළ යුතු බවත් එක් එක් බලවේගවලට අවශ්‍ය ආකාරයට රටේ අභ්‍යන්තර ක්‍රියාදාමවලට මැදිහත් වීමට ඉඩ දිය නොහැකි බවටද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

අප රටට ආවේණික ශක්තිමත් ආර්ථීක, සමාජීය, දේශපාලන, සංස්කෘතික ස්ථාවරයක් ගොඩනැගිය යුතු බවත් සෑම අංශයකින්ම රටක් ලෙස ශක්ති සම්පන්න විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී පෙන්වා දුන්නා.

මෙරට දහම් අධ්‍යාපන වැඩපිළිවෙළ ප්‍රවර්ධනය කළ යුතු බවත් ජන සමාජයට යුක්තිගරුක, ගුණගරුක, නීතිගරුක, ශිෂ්ටසම්පන්න, ශීලාචාර, ප්‍රබුද්ධ හා ප්‍රශස්ත පුරවැසියකු බිහි කිරීමට දුම්වැටි මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වූ සුචරිතවත් ජන සමාජයක් ගොඩ නැගීමට ගමේ පන්සල අතිශය වැදගත් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

මෙරට පෙරහැර සංස්කෘතිය විචිත්‍රවත් කරන හස්ථි පරපුර දැන් ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පවතින නිසා ඒ සඳහා විසඳුමක් අවශ්‍ය බවත් එයට විසඳුම පෙරහැර සංස්කෘතිය නතර කිරීම නොවන බවත් අප රටේ ආගම සංස්කෘතිය අප විසින් ආරක්ෂා කළ යුතු බවත් මෙරට පෙරහැර සංස්කෘතිය ක්‍රියාත්මක කිරීම උදෙසා වෙනමම හීලෑ අලි සංචිතයක් ස්ථාපිත කර සතුන්ගේ සෞඛ්‍ය සම්පන්නභාවය හා නීරෝගී භාවය සුරක්ෂිත කරමින් හීලෑ අලි සංචිතයක් නිර්මාණය කර විහාරස්ථානවලට අවශ්‍යතාව මත ලබා දී පෙරහැර සංස්කෘතිය ශක්තිමත් කරන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පතිගේ නිවසට වර්තමාන පොලිස්පති පැමිණෙයි
01:08
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි
01:39
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව
00:36
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව - අපි කරක් ග#හපු පාරේ අද තනියම ඩෙන්සිලා
00:58
Video thumbnail
ෆේස්බුක් ලයිව් ඇවිත් එළොව ගිය තරුණයාගේ අවසන් කටයුතු - "අනේ මගේ රත්තරං පුතා ඇයි මාව දාලා ගියේ ?"
03:08
Video thumbnail
මෙහෙම යද්දි අපිටත් ඉල්ලා අස් වෙන්න වෙයි - බඳිනකොට ඩිවෝස් වෙන්නත් පුළුවන්නේ
02:50
Video thumbnail
විපක්ෂය බලනකොටම පේන්නේ ජෝකර්නේ - කිසි කෙනෙක් සජිත් ළඟ ඉන්න කැමති නෑ
04:25
Video thumbnail
මොන අගමැතිකම් දැරුවත් ගෙදර ගියාම එයාලගේ සේවකයෙක් - අපි පූසන්ගේ අයිතිකාරයෝ නෙවෙයි
05:48
Video thumbnail
"හිටපු පොලිස්පති CD ට අත්වුණු ඉරණම ගැන අසල්වැසියෙක් සංවේදීව හෙලි කරයි"
00:31
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි - එයාලට තියෙන ඒ ආදරය
02:18