පෙරහැර විචිත්‍රවත් කරන හස්ථි පරපුර අඩුවීමට විසඳුම පෙරහැර නතර කිරීම නොවෙයි – සජිත්

අද වන විට අප රට භයංකාර ආර්ථික තත්ත්වයකට මුහුණ දෙන නිසාවෙන් දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජන ජිවිත කුඩා වී ආදායම් මාර්ග අහිමි වී ඇති බැවින් සෛරීත්වය, භෞමික අඛණ්ඩතාව, දේශපාලන නිදහස, සංස්කෘතිය රැකගෙන රට දියුණු කරන්න කැපවිය අතර වහල්භාවයෙන් මිදිය යුතු බවත් විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ඊයේ (28) රාත්‍රියේ 19 වැනි වතාවටත් පැවැති තිස්සමහාරාම පන්නෙගමුව දියබැඳි විහාරස්ථානයේ වෙසක් මංගල්‍යට සමගාමීව පැවැති රුහුණු වෙසක් මහා පෙරහැර අවස්ථාව හා එක්වෙමින්.

කෙසේ වෙතත් රට මුහුණදෙන මෙම අන්තරාදායක තත්ත්වය උපයෝගී කරගෙන අප රට භූ දේශපාලනයේ කෙළිබිමක් කර ගන්නට බොහෝ පාර්ශ්ව උත්සාහ කරන බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

එයට ඉඩ දිය නොහැකි බවත් රට සුරක්ෂා කරනවා සේම රටේ ජනතාවද ශක්තිමත් කළ යුතු බවත් එක් එක් බලවේගවලට අවශ්‍ය ආකාරයට රටේ අභ්‍යන්තර ක්‍රියාදාමවලට මැදිහත් වීමට ඉඩ දිය නොහැකි බවටද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

අප රටට ආවේණික ශක්තිමත් ආර්ථීක, සමාජීය, දේශපාලන, සංස්කෘතික ස්ථාවරයක් ගොඩනැගිය යුතු බවත් සෑම අංශයකින්ම රටක් ලෙස ශක්ති සම්පන්න විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී පෙන්වා දුන්නා.

මෙරට දහම් අධ්‍යාපන වැඩපිළිවෙළ ප්‍රවර්ධනය කළ යුතු බවත් ජන සමාජයට යුක්තිගරුක, ගුණගරුක, නීතිගරුක, ශිෂ්ටසම්පන්න, ශීලාචාර, ප්‍රබුද්ධ හා ප්‍රශස්ත පුරවැසියකු බිහි කිරීමට දුම්වැටි මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වූ සුචරිතවත් ජන සමාජයක් ගොඩ නැගීමට ගමේ පන්සල අතිශය වැදගත් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

මෙරට පෙරහැර සංස්කෘතිය විචිත්‍රවත් කරන හස්ථි පරපුර දැන් ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පවතින නිසා ඒ සඳහා විසඳුමක් අවශ්‍ය බවත් එයට විසඳුම පෙරහැර සංස්කෘතිය නතර කිරීම නොවන බවත් අප රටේ ආගම සංස්කෘතිය අප විසින් ආරක්ෂා කළ යුතු බවත් මෙරට පෙරහැර සංස්කෘතිය ක්‍රියාත්මක කිරීම උදෙසා වෙනමම හීලෑ අලි සංචිතයක් ස්ථාපිත කර සතුන්ගේ සෞඛ්‍ය සම්පන්නභාවය හා නීරෝගී භාවය සුරක්ෂිත කරමින් හීලෑ අලි සංචිතයක් නිර්මාණය කර විහාරස්ථානවලට අවශ්‍යතාව මත ලබා දී පෙරහැර සංස්කෘතිය ශක්තිමත් කරන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

  1. මේ ගොන් වහන්සේට ඕන අහිංසක අලි ඇතුන්ගෙ කකුල් වලට සදාකාලිකව දම්වැල්, විලංගු දාල හොර ගනින්නාන්සේලාට ඒ සතුන්ව දීල පෙරහරේ දක්කගෙන යනව බලල සතුටු වෙන්නද ? තුක් නොදකින් කාලකන්නියා.
    යකෝ ඔය සත්තුන්ට වද දෙන එක දැන්වත් නවත්තපියව්. ඕව ගෝත්‍රික යුගයේ වැඩ.. බලපන් මොන දියුණු රටේද කියල ඔය විදියට සත්තුන්ට වද දිදී පෙරහැරවල් වල දක්ක දක්කා වද හිංසා කරන්නෙ.
    උඹට ඔය තරම් පහත් ගෝත්‍රික මානසිකත්වයක් තියෙනවනම් පලයන් පෙරහැරේ අලියෙක්ගෙ ඇඳුමක් දාගෙන. තව උඹේ පාටි එකේ අලි වගේ බඩවල් තියෙන උන් 20 ක්‌ 25 ක්‌ හොයාගන්න පුළුවන් වෙයිනෙ.. මදි නම් පාර්ලිමේන්තුවේ ඉන්න අලි වගේ බඩවල් පුකවල් තියෙන එවුන් 50 ක්‌ 60 ක්‌ හොයා ගන්න බැරිවෙන එකක් නෑ පෙරහරේ අරන් යන්න..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46
Video thumbnail
චතුරංග ජනතාවගෙන් සමාව ගයි - බලාපොරොත්තු වෙච්ච හැමදේම දෙන්න බැරිවුණාට සමාවෙන්න
05:33
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06
Video thumbnail
ත්‍රිකුණාමලයේ මුවන් උද්‍යානයට සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙයි - බලන්න එන අය ගොඩක් සතුටු වෙනවා
02:08
Video thumbnail
ජන මතය බොඳ කිරීමේ අදහසක් විපක්ෂය කරන්නේ - විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
03:45
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ? - වාසනා කරපු සමච්චලය පාඨලීටත් හිනා..
00:46
Video thumbnail
නඩු වේගෙන් අහනකොට සමහර බඩු බයවෙලා - ඇමතිලා එදා සැපට හිටිය බංගලා අධිකරණයට දුන්නා
07:06
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52