පෙම් සබඳතාව නවතමු යැයි කී පෙම්වතිය ව ඝාතනය කළ තරුණයා පොලිසියට භාරවෙයි

සිය පෙම්වතියට පිහියකින් ඇන ඝාතනය කළ බව පවසා ඇයගේ පෙම්වතා යැයි පැවසෙන පුද්ගලයෙකු වෙන්නප්පුව පොලිසියට පැමිණ භාර වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (18) පස්වරු 05.30ට පමණ සැකකරු ව පොලිස් ස්ථානයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල පාසල ආසන්නයේ නිවසක දී මෙම ඝාතනය සිදු වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව – වයික්කාල, පාසල අසල පදිංචි ව සිටි විමල්කා තුෂාරි නම් වූ 19 හැවිරිදි අයෙක්.

මියගොස් ඇති තරුණිය වසර එකහමාරක පමණ කාලයක් මාරවිල – වීරහේන ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සැකකරු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.

”මෙම සම්බන්ධතාව නවත්වා දමමු” යැයි පෙම්වතිය විසින් පෙම්වතාට යෝජනා කර තිබෙන බවයි පැවසෙන්නේ.

එම යෝජනාව සම්බන්ධයෙන් දෙදෙනා අතර පෙම්වතියගේ නිවසේ දී ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව පිහි ඇණුම සිදු වී ඇති බව පොලීසිය පවසනවා.

තුවාල ලබා සිටි තරුණිය ප්‍රතිකාර සඳහා මීගමුව මහා රෝහලට රැගෙන යමින් සිටින අතරතුර මියගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
4
+1
6
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?