පෙම් සබඳතාව නවතමු යැයි කී පෙම්වතිය ව ඝාතනය කළ තරුණයා පොලිසියට භාරවෙයි

සිය පෙම්වතියට පිහියකින් ඇන ඝාතනය කළ බව පවසා ඇයගේ පෙම්වතා යැයි පැවසෙන පුද්ගලයෙකු වෙන්නප්පුව පොලිසියට පැමිණ භාර වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (18) පස්වරු 05.30ට පමණ සැකකරු ව පොලිස් ස්ථානයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල පාසල ආසන්නයේ නිවසක දී මෙම ඝාතනය සිදු වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව – වයික්කාල, පාසල අසල පදිංචි ව සිටි විමල්කා තුෂාරි නම් වූ 19 හැවිරිදි අයෙක්.

මියගොස් ඇති තරුණිය වසර එකහමාරක පමණ කාලයක් මාරවිල – වීරහේන ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සැකකරු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.

”මෙම සම්බන්ධතාව නවත්වා දමමු” යැයි පෙම්වතිය විසින් පෙම්වතාට යෝජනා කර තිබෙන බවයි පැවසෙන්නේ.

එම යෝජනාව සම්බන්ධයෙන් දෙදෙනා අතර පෙම්වතියගේ නිවසේ දී ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව පිහි ඇණුම සිදු වී ඇති බව පොලීසිය පවසනවා.

තුවාල ලබා සිටි තරුණිය ප්‍රතිකාර සඳහා මීගමුව මහා රෝහලට රැගෙන යමින් සිටින අතරතුර මියගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
4
+1
6
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34