පෙම් පළහිලව්ව දුරදිග ගොස් පෙම්වතියව ඝාතනය කරලා – පෙම්වතාත් රෝහලේ

තරුණයෙකු විසින් සිය පෙම්වතිය හිස කඳින් වෙන් කර ඝාතනය කර තිබෙනවා.

මෙම ඛේදවාචකය වාර්තා වන්නේ රත්නපුර – ඇලපාත පොලිස් වසමේ දෙල්ලබඩ ග්‍රාමයේදියි.

මොවුන් දෙදෙනා ම එකම විශ්වවිද්‍යාලයක අධ්‍යයන කටයුතු සිදු කරමින් සිට ඇති බවයි පැවසෙන්නේ.

අද (29) අලුයම 06ට පමණ මරණකාරිය තම නිවසේ මුළුතැන්ගෙයි ආහාර පිසමින් සිටින අතරතුර දී හොර රහසේ මුළුතැන්ගෙට පැමිණ ඇති පෙම්වතා අදාළ තැනැත්තියගේ ගෙළ තියුණු ආයුධයකින් කපා දමා තිබෙනවා.

එම තරුණයා ද නිවසේදීම වස බෝතලයක් පානය කර නිවසින් පලා ගොස් තිබෙනවා.

මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ දී මරණකාරියගේ මව ද නිවසෙහි වෙන යම් කටයුත්තක නිරත වෙමින් සිට ඇති අතර පියා නිවසේ සිට නැහැ.

සැකකරු ඝාතනයෙන් පසු පලා යමින් සිටියදී එම ගම්මානයේම කුඹුරකට ඇද වැටී සිට ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් ඔහුව රත්නපුර රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

ඔහු එම අවස්ථාවේ දී සිට ඇත්තේ ද යට ඇඳුම පිටින් බවයි ඇසින් දුටුවන් ප්‍රාදේශීය වාර්තාකරු වෙත පවසා ඇත්තේ.

මෙම තරුණිය හා ඝාතකයා අතර පැවති ප්‍රේම සම්බන්ධය දුරදිග යාමෙන් සිදු වූ ප්‍රතිඵලයක් ලෙස ඝාතනය සිදු වන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ ඇලපාත – දෙල්ලබඩ පදිංචි කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන 29 හැවිරිදි චන්දිමා හර්ෂණී ගුණරත්න නමැති ශිෂ්‍යාවක්.

ඝාතකයා මේ වනවිට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහු 32 හැවිරිදි ගයාන් නමැති අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් අනාවරණය වී තිබෙනවා.

ඔහු මෙම ඝාතනය සිදු කිරීමට ඊට පෙර දින රාත්‍රියේ සිට ම නිවස අසල රැඳී සිටින්නට ඇතැයි පොලිසිය සැක කරන බව ද වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?