සිය පෙම්වතියට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා එල්ල වී වසර 13ක සිරදඬුවමක් විඳිමින් සිටි පැරාලිම්පික් ක්‍රීඩක ඔස්කාර් පිස්ටෝරියස්ට නිදහස හිමිව තිබෙනවා.
දැඩි කොන්දේසි මත මොහුට දකුණු අප්‍රිකානු අධිකරණයක් විසින් මෙලෙස නිදහස ලබා දී ඇති අතර, 2029 වසර වනතෙක් මාධ්‍යයට අදහස් දැක්වීම තහනම් කිරීම ඔහුට පැනවූ එක් කොන්දේසියක්.
බ්ලේඩ් රනර් යන අන්වර්ථ නාමයෙන් හඳුවන්වනු ලබන මේ වනවිට 37 හැවිරිදි වියේ පසුවන ඔස්කාර් පිස්ටෝරියස්ට 2013 වසරේ දී සිය පෙම්වතිය වූ රීවා ස්ටීන්කැම්ප්ව වෙඩි තබා ඝාතනය කර තිබුණා.
නාන කාමරයේ සිටි තම පෙම්වතියට දොර හරහා මෙම වෙඩිතැබීම සිදුකර තිබූ අතර, ඇය එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වුණේ.
කෙසේ වෙතත් පිස්ටෝරියස් අධිකරණය හමුවේ පවසා සිටියේ සොරෙක් යැයි සිතා තමා එම වෙඩි තැබීම සිදුකළ බවයි.
සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයක් විසින් මීට පෙර ලබාදුන් තීන්දුව අවලංගු කිරීමෙන් පසුව 2015 වසරේ දී පිස්ටෝරියස් මිනීමැරුම් චෝදනාවට වරදකරු වුණා.
පිස්ටෝරියස්ට වයස අවුරුද්දකට අඩු කාලයක දී ඔහුගේ දෙපා අහිමිව ඇති අතර, ඔහු පසුව කෘත්‍රීම පාද මත විශ්වාසය තබා ලොව ප්‍රකට මලල ක්‍රීඩකයෙකු බවට පත් වුණා.
කෙසේ වෙතත් ඔහුගේ මලල ක්‍රීඩා දිවියේ හොඳම කාලය තුළ සිරගතව සිටීමටයි පිස්ටෝරියස්ට සිදු වුණේ.




