AFC Banner
AFC Banner
Empty Ad

පෙබරවාරි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාගේ සම්මානයට පැතුම්ගේ නමත්

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය පෙබරවාරි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නිර්දේශිත නාම ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, අනුව සුපුරුදු පරිදි ක්‍රීඩකයින් තිදෙනෙක් මේ සඳහා නිර්දේශකර තිබෙනවා.

ජගත් ක්‍රිකට් පිටිය තුළ පසුගිය පෙබරවාරි මාසයේ දී ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා පදනම් කරගෙන මෙම නම් තුන ප්‍රකාශයට පත්කළ බවයි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක, ඉන්දීය ආරම්භක පිතිකරු යෂස්වි ජයිස්වාල් සහ නවසීලන්ත මුල්පෙළ පිතිකරුවක්වන කේන් විලියම්සන් මෙලෙස නම්කර ඇති ක්‍රීඩකයින් තිදෙනායි.

ඇෆ්ගනිස්ථානය සමඟ පැවති එක්දින තරගාවලියේ දී දැක් වූ දක්ෂතා පදනම්කරගෙන පැතුම්ගේ නම මෙම නිර්දේශිත නාමයන් අතරට එක්කර තිබෙනවා.

එමෙන්ම එංගලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දැක්වූ සුවිශේෂී දක්ෂතා මත ඉන්දීය ක්‍රීඩක යෂස්වි ජයිස්වාල් පෙබරවාරි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා නිර්දේශ කර ඇති ක්‍රීඩකයින් තිදෙනා අතර අයත්.

මීට අමතරව දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලිය තුළ නවසීලන්ත අංක 03 පිතිකරු කේන් විලියම්සන් දැක්වූ දක්ෂතා මත ඔහු මෙම නිර්දේශිත නම් තුනට ඇතුළත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
0
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?