ඉන්දියාවේ පූජනීය තිරුපති කෝවිලේ අපවිත්‍ර ගිතෙල් භාවිතයෙන් ලඩ්ඩු කෝටි 20 කට ආසන්න ප්‍රමාණයක් සකසා බැතිමතුන් අතර බෙදා දී ඇති බව අනාවරණය වී තිබෙනවා.
2019 සහ 2024 කාලසීමාව තුළ බෙදා දී ඇති ලඩ්ඩුවලින් මෙලෙස අපවිත්‍ර ගිතෙල් භාවිතකර ලඩ්ඩු කෝටි 20 කට ආසන්න ප්‍රමාණයක් සකසා ඇති බවයි සිදුකරන ලද විමර්ශනයකින් අනාවරණය වී ඇත්තේ.
2019 – 2024 කාලය තුළ බැතිමතුන්ට කෝවිලෙන් බෙදාදුන් මුලු ලඩ්ඩු ප්‍රමාණය කෝටි 48.76ක් බවයි වාර්තා වන්නේ.
එලෙස බෙදාදුන් ලඩ්ඩු ප්‍රමාණයෙන් කෝටි 20 කට ආසන්න ප්‍රමාණයක් සකසා ඇත්තේ අපවිත්‍ර වූ ගිතෙල් භාවිතකර බවයි හෙළිවී ඇත්තේ.
මෙම වසර පහ තුළබැතිමතුන් කෝටි 11ක් පමණ තිරුපති කෝවිලට පැමිණ ඇති බවට ඇස්තමේන්තුගතකර ඇති අතර, මෙම අපවිත්‍ර වූ ගිතෙල් භාවිතකර සැකැසූ ලඩ්ඩු ලැබුණේ කාටද යන්න තීරණය කිරීමට ක්‍රමයක් නොමැති බවයි විමර්ශන සිදුකරන නිලධාරීන් පවසන්නේ.
පූජනීය තිරුපති කෝවිල වැඳපුදා ගැනීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පරිශුද්ධභාවයෙන් ලබාගන්නා ලඩ්ඩු මෙලෙස අපවිත්‍ර කිරීම ඔවුන්ගේ ආගමික හැඟීම් රිදවන කාරණාවක් බවයි එරට මාධ්‍ය වාර්තා පවසන්නේ.
මේ පිළිබඳව නඩුව මධ්‍යම විමර්ශන කාර්යාංශයේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් මෙහෙයවන බවයි වාර්තා වුණේ.





