පූජනීය තිරුපති කෝවිලේ අවුරුදු 05ක් අපවිත්‍ර වූ ලඩ්ඩු බෙදලා

ඉන්දියාවේ පූජනීය තිරුපති කෝවිලේ අපවිත්‍ර ගිතෙල් භාවිතයෙන් ලඩ්ඩු කෝටි 20 කට ආසන්න ප්‍රමාණයක් සකසා බැතිමතුන් අතර බෙදා දී ඇති බව අනාවරණය වී තිබෙනවා.

2019 සහ 2024 කාලසීමාව තුළ බෙදා දී ඇති ලඩ්ඩුවලින් මෙලෙස අපවිත්‍ර ගිතෙල් භාවිතකර ලඩ්ඩු කෝටි 20 කට ආසන්න ප්‍රමාණයක් සකසා ඇති බවයි සිදුකරන ලද විමර්ශනයකින් අනාවරණය වී ඇත්තේ.

2019 – 2024 කාලය තුළ බැතිමතුන්ට කෝවිලෙන් බෙදාදුන් මුලු ලඩ්ඩු ප්‍රමාණය කෝටි 48.76ක් බවයි වාර්තා වන්නේ.

එලෙස බෙදාදුන් ලඩ්ඩු ප්‍රමාණයෙන් කෝටි 20 කට ආසන්න ප්‍රමාණයක් සකසා ඇත්තේ අපවිත්‍ර වූ ගිතෙල් භාවිතකර බවයි හෙළිවී ඇත්තේ.

මෙම වසර පහ තුළබැතිමතුන් කෝටි 11ක් පමණ තිරුපති කෝවිලට පැමිණ ඇති බවට ඇස්තමේන්තුගතකර ඇති අතර, මෙම අපවිත්‍ර වූ ගිතෙල් භාවිතකර සැකැසූ ලඩ්ඩු ලැබුණේ කාටද යන්න තීරණය කිරීමට ක්‍රමයක් නොමැති බවයි විමර්ශන සිදුකරන නිලධාරීන් පවසන්නේ.

පූජනීය තිරුපති කෝවිල වැඳපුදා ගැනීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පරිශුද්ධභාවයෙන් ලබාගන්නා ලඩ්ඩු මෙලෙස අපවිත්‍ර කිරීම ඔවුන්ගේ ආගමික හැඟීම් රිදවන කාරණාවක් බවයි එරට මාධ්‍ය වාර්තා පවසන්නේ.

මේ පිළිබඳව නඩුව මධ්‍යම විමර්ශන කාර්යාංශයේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් මෙහෙයවන බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36