පූකුඩුකන්නාගේ බාල සොහොයුරාට වසර 05ක අත්හිටවූ සිරදඬුවම්

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ හා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් සංවිධානාත්මක අපරාධකරුවකු වන බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් “පූකුඩු කන්නා” නමැත්තාගේ බාල සොහොයුරාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (21) බරපතළ වැඩ ඇතිව වසරක සිරදඬුවමක් නියම කර එය වසර 5ක කාලයක් සඳහා අත්හිටවීමක් සිදු කළා.

මෙයට අමතරව රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ද නියම කෙරුණු බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙලෙස දඬුවම් නියම වූයේ කොළඹ 10, ජම්පටාවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 36 හැවිරිදි බාලචන්ද්‍රන් ගනේන්ද්‍රන් නොහොත් ‘කිසෝ‘ නමැති තැනැත්තකුටය.

2021 වසරේ දී කොළඹ දී හෙරොයින් ශුද්ධ බර ග්‍රෑම් 1.2ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගෙන සිටියදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විත්තිකරු අත්අඩංගුවට ගැනුණා.

මහේස්ත්‍රතාත් අධිකරණයෙන් ඇප හිමි වීමෙන් පසු විත්තිකරු විදේශයකට පලා ගොස් තිබුණා.

අනතුරුව මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා 2ක් යටතේ විත්තිකරුට එරෙහිව නඩු පැවරීමක් සිදු කළා.

විත්තිකරු නඩුවට පෙනී නොසිටීම නිසා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 වගන්තිය යටතේ චූදිත නොමැතිව නඩු විභාගය සිදු වූවා.

මහාධිකරණය විත්තිකරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කළා.

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කර ඉන්දියාවට ගොස් ඇති විත්තිකරු ඩුබායි රාජ්‍යයට යෑම සඳහා ගිය මාර්තු 13 දා අලුයම නැවත මෙරටට පැමිණ තිබෙනවා.

ඒ අවස්ථාවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවයේ නිරත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් විත්තිකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34