පුහුණුකරුවෙකු ලෙස ඉදිරියේ දී දායක වෙන්න දිම්මාගේ සූදානම – දෙවැනි ටෙස්ට් තරගයත් අද (වීඩියෝ)

සංචාරක ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අද (06) පෙරවරු 10ට ගාල්ලේ දී ආරම්භ වනවා.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය සංචාරක ඔස්ට්‍රෙලියාව ජය ගත්තා විශිෂ්ට ඉනිමක ජයග්‍රහණයක් ද සමගින්.

මේ වනවිට ජුලි මස ලෝඩ්ස් හි දී පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති ඔස්ට්‍රෙලියාව අද තරගයට පිවිසෙන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව තවත් මව්බිමෙන් එපිට දී වෝර්න් – මුරලි ශූරතාවක් දිනා ගැනීම අරමුණ කරගනිමින්.

මේ වනවිට ද පවත්වන ලද වෝර්න් – මුරලි ටෙස්ට් තරගාවලිහි දී වැඩිම ශූරතා ප්‍රමාණයක් ද ශ්‍රී ලංකාව පරදවමින් ඔස්ට්‍රෙලියා දිනාගෙන තිබෙනවා.

එමෙන්ම අද තරගය ශ්‍රී ලංකාවට ද අතිශයින් ම වැදගත් වනු ඇති.

ඒ වෝර්න් – මුරලි ටෙස්ට් ශූරතාව ජය පරාජයෙන් අවසන් කරගැනීමට මෙන් ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ අවසන් තරගය මෙය වීම මතයි.

මේ අතර ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අද ක්‍රිකට් පිටියට සමුදෙන දිමුත් කරුණාරත්න අදහස් දැක්වුවා.

දිමුත් කරුණාරත්න සඳහන් කළේ ඉදිරියේ දී තමන් ඔස්ට්‍රෙලියාවට යාමට බලාපොරොත්තු වන බවයි.

ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය අදියර 1 සිට 4 දක්වා වූ ක්‍රියාවලිය ඔස්ට්‍රෙලියාවේ දී අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම කියා සිටියා.

එමෙන්ම ක්‍රීඩාව වෙනුවෙන් අවුරුදු ගණනාවක් ගත කිරීමෙන් හේතුව තම පවුල සමග බොහෝ අවස්ථාවන් ගත කිරීමට නොහැකි වීම මත ඉදිරියේ දී ඒ පිළිබඳ ව වැඩි වශයෙන් සලකා බැලීමටත් තීරණයක සිටින බව ද දිමුත් කරුණාරත්න සඳහන් කළා.

තමන් ඉදිරියේ දී ක්‍රීඩාව තුළින් ලද පන්නරය තම රටට හෝ වෙනත් රටකට පුහුණුකරුවෙකු ලෙස ලබාදීමට බලාපොරොත්තු වන බව ද දිමුත් කරුණාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ටෙස්ට් තරග 99ක් ක්‍රීඩා කර ඇති දිමුත් මේ වනවිට මුළු ටෙස්ට් ලකුණු 7172ක් ලබා සිටිනවා.

ඊට ශතක 16ක් සහ අර්ධ ශතක 39ක් ඇතුළත්.

2012 දී නවසීලන්තයට එරෙහිව සිය මව්බිමේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගන්නා දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ ක්‍රීඩකයෙකු ලෙස සැලකිය හැකියි.

දිමුත් යනු කලක ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ද නායකත්වය ගෙන කටයුතු කළ ක්‍රීඩකයෙක්.

ඔහු ටෙස්ට් තරග 30කට සිය නායකත්වය ලබා දී ඇති අතර ඉන් තරග 12ක් ජයගෙන තවත් 12ක් පරාජයට පත් වී තිබෙන්නේ තරග 06ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15