‘පුෂ්පා 2’ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න මහා සෙනඟක් පොදිකෑ හැටි (වීඩියෝ)

ජනප්‍රිය තෙළිඟු නළු අල්ලු අර්ජුන් සහ රශ්මිකා මන්දනා රංගනයෙන් දායකවන පුෂ්පා 2 චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීම ඊයේ (17) සිදු කෙරුණා.

බිහාර් ප්‍රාන්තයේ පැට්නා හි ගාන්ධි පිටියේ අති උත්කර්ෂවත් ලෙස පැවති උත්සවයක දී මෙම පූර්ව ප්‍රචාරකපටය එළිදක්වනු ලැබුවා.

එම අවසථාව දැක බලාගැනීම සඳහා දසදහස් සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් ගාන්ධි පිටියට රැස්ව සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම පිරිස් පාලනය සඳහා පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් යෙදවීමට ප්‍රාන්ත රජය කටයුතු කර තිබුණා.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ බොහෝ රසිකයන් චිත්‍රපටයට රංගනයෙන් දායක වී සිටින සිනමා තරු
නැරඹීම සඳහා ගාන්ධි පිටියේ ඉදිකරන කර තිබූ තාවකාලික කුළුනු මතට නැඟුණු බවයි.

තෙරපීම වැනි තත්ත්වයන් නිර්මාණය වීමත් සමඟ එහි රැස්ව සිටි අතිවිශාල ජනකාය පාලනය කිරීමට ආරක්ෂක නිලධාරීන් බැටන් ප්‍රහාර එල්ල කර ඇති බව ද තොරතුරු වාර්තා වනවා.

එහිදී රැස්ව සිටි රසිකයන් පොලිස් නිලධාරීන්ට සෙරෙප්පු, ජල බෝතල් වැනි දෑ වලින් පහරදී ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

ඉන්දීය රුපියල් කෝටි 500කට ආසන්න මුදලක් වැයකර නිර්මාණය කර ඇති පුෂ්පා 2 චිත්‍රපට එළඹෙන දෙසැම්බර් 05 වනදා සිට ලොව පුරා ප්‍රදර්ශනය අරඹනවා.

https://twitter.com/KreatelyMedia/status/1858175996085616945
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39


?