ආර්.එම් පාර්ක් සමාගම, සිනොපෙක් සහ අයි.ඕ.සී සමාගම් ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන සැපයීම සීමාකර ඇති බව ඉන්ධන පිරවුම් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ පවසනවා.
අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ අද වනවිට ඉන්ධන සුරක්ෂිතතාවය පවතවාගෙන යනු ලබන්නේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පමණක් බවයි.
මෙම පුද්ගලික සමාගම් තුනම ඉන්ධන පිරවුම්හල් සඳහා මේ වන විට නිකුත් කරනු ලබන්නේ දෛනික අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණය පමණක් බවයි වාර්තා වන්නේ.
ඉන්ධන පිරවුම්හල් වෙත අඛණ්ඩව ඉන්ධන නොසැපයීම තුළින් අදාළ සමාගම් මහජනතාවට සහ රජයට වංචාවක් සිදුකරන බවයි සභාපතිවරයා චෝදනා කළේ.
ඒ, අනුව සභාපතිවරයා මෙහිදී පවසා සිටියේ අදාළ සමාගම් සතුව ඇති පිරවුම්හල් නැවතත් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට පවරාගෙන මහජනතාවට අඛණ්ඩ සේවාවක් සපයන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.













