පුද්ගලයෙකු පැහැර ගෙන යාමේ නඩුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම නිදොස් කොට නිදහස්

පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් සිරකර තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව අද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ජී.එස්. නිශ්ශංක හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.

මෙම නඩුවෙහි පැමිණිලි පාර්ශවයට, විත්තිකරුවන්ට එරෙහි සාක්ෂි ඔප්පු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා ඇතුළු පස් දෙනාම නිදොස් කොට නිදහස් කිරීමට ගාල්ල මහාධිකරණය නියෝග කළා.2009 සැප්තැම්බර් 7 වනදා පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා ගැනීම ඇතුළු චෝදනා 9 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.