පුතේ මං වහ බිව්වා.

නිවෙසේ සිටියදී පෝයකටවත් පන්සලකට ගොඩනොවැදුණ චන්ද්‍රපාල දැන් පුළු පුළුවන් හැම විටම පිං දහම් කරන්නට කාලය වැය කරන්නේය.

ඉඩක් ලද විටෙක ඔහු හිරගෙදර බෝධීන් වහන්සේ පැන් කලයකින් නහවන්නේය.

තමන් කළ පව බෝධීන් වහන්සේ නැහැවීමේ පිනෙන් ගෙවා ගත නොහැකි බව චන්ද්‍රපාල හොඳින්ම දන්නේය. එහෙත් කළ පව නිසා තැවෙන හිත හදාගැනීම ඔහුගේ එකම අරමුණය.

චන්ද්‍රපාල වෘත්තියෙන් ගුරුවරයකු වූයේය. විශ්ව විද්‍යාලයට ඇතුලත්ව අධ්‍යාපනය ලැබූ ඔහු වෙනත් රැකියාවක් තෝරා නොගෙන ගුරු සේවයම තෝරා ගත්තේ තම මවත් පියාත් ගිය අඩිපාරේ යන්නට සිතාගෙනය. ඔහුට පළමු පත්වීම ලැබුණේ ගමෙන් දුර බැහැර ප්‍රදේශයකටය.

“අපේ ගෙදර එකම දරුවා මම. අම්මයි අප්පච්චියි කවදාවත් මට බලකළේ නැහැ මහලොකු රස්සාවල් හොයාගෙන යන්න.

මම ගුරුවෘත්තිය තෝරාගත්තේ අම්මත් තාත්තත් ඉතාම ගෞරවනීය විදිහට ඒ රැකියාව කරනවා දැකපු නිසා”

“මගේ හැම කටයුත්තක්ම සිදු කෙරුණේ අම්මගේ අතින්. අම්මා මටයි අප්පච්චිටයි පුදුම ආදරයකින් හිටියේ.

මං වයසින් වැඩුණත් අම්මා මාව දැක්කේ එයාගේ පොඩි පුතා විදියට. මං අම්මට තියෙන ආදරේ නිසාම විශ්ව විද්‍යාලයේ කා එක්කවත් යාළු වුණේ නැහැ.

මං එහෙම කා එක්ක හරි යාළු වුණොත් අම්මගේ හිත රිදේවි කියලා මට හිතුණා. මං බත්කාලා ඉවර වුණාම මගේ පිඟාන හේදුවේ අම්මා. රෙදි ටික හෝදලා මැදලා දුන්නේ අම්මා. කොටින්ම කිව්වොත් මගේ හැම දෙයක්ම හොයලා බලලා කරලා දුන්නේ අම්මා.”

“අපේ නෑයෝ නම් අම්මට හුඟක් දොස් කිව්වා මාව හුරතල් කරනවා කියලා. මං ටික කාලෙකට පස්සේ ගමේ ඉස්කෝලෙට මාරුවක් අරගෙන ආවා. ඒ වෙනකොට අම්මයි අප්පච්චියි විශ්‍රාම ගිහිල්ලා හිටියේ. ඒත් අපේ ජීවිත කිසිම වෙනසක් නැතිව ගෙවිලා ගියා.”

“අම්මට ඕන වුණා මට විවාහයක් කරලා දෙන්න. අප්පච්චි නම් කිව්වේ මට කැමති කෙනෙක් හොයාගන්න කියලා.

ඒත් අම්මා ඒ කතාවට තදින්ම විරුද්ධ වුණා. ඒ වෙනකොට මට අවුුරුදු තිස් එකක් විතර ඇති. අම්මා නොයෙක් මාර්ගවලින් මනාලියෝ හොයන්න පටන් ගත්තා.”

“අපි මනමාලියෝ කිහිප දෙනෙක්වම බලන්න ගියා. සමහර මනමාලියෝ ලස්සනයි. ඒත් හුඟාක් ලස්සන කෙනෙක් ගෙදරට ගේන්න අම්මා කැමති වුණේ නැහැ.

එහෙම වුණහම එයාව පරිස්සම් කරන්න වෙනවා කියලා. ඒත් අම්මා තෝරලා තෝරලා අම්මට හොඳයි කියලා හිතෙන මනමාලියෙක් ගෙදරට කැන්දගෙන ආවා.

එයා ප්‍රියංකා. අප්පච්චි නම් මේ කිසිම දේකට මුකුත්ම කියන්න ගියේ නැහැ. අම්මගේ වැඩ දිහා බලාගෙන ඉන්නවා ඇරෙන්න. අම්මට තිබුණේ පුදුම හිතක්.

එයා ප්‍රියංකා වැරදි දැක්කා. ඒත් ඒ එක දෙයක්වත් මම නම් වැරදි හැටියට දැක්කේ නැහැ. ප්‍රියංකා සමහර වෙලාවට පොතක් කියෙව්වා. අම්මට ඕන වුණේ ප්‍රියංකා පොත් කියවන වෙලාවට මැහුමක් ගෙතුමක් කරනවා දකින්න. ප්‍රියංකා හැම විටම හිටියේ මගෙත් එක්ක. මං පාසල් ගිය වෙලාවට එයා මොනවා කරනවද කියලා හොයලා බලන්න මම ගියේ නැහැ.

එයාලට අමුතුවෙන් ගෙදර කරන්න කියලා දෙයක් තිබුණෙත් නැහැ.”

“ඒත් මං ගෙදර එන හැම හැන්දෑවකම ප්‍රියංකා හිටියේ මුහුණ රතු කරගෙන හිරිම දුකෙන්…”

“මට බෑ මේ ගෙදර ඉන්න…ඔයාගේ අම්මා මට හරියට ඇනුම්පද කියනවා…”

“ප්‍රියංකා එහෙම කියන වෙලාවට මං එයාගෙ හිත හැදුවා. ඒත් අම්මගෙයි ප්‍රියංකා ගැටුම් වැඩිවෙන්න වැඩිවෙන්න මගේ හිත අවුල් වෙන්න ගත්තා. ඒ වගේ වෙලාවට මට පි‍්‍රයංකව දැනුණේ මහ වදයක් විදියට.”

“මේ මානසික වදය විඳින්න බැහැ කියලා මං අප්පච්චිට දවසක් කිව්වා. ඒත් අප්පච්චි මට කිව්වේ ඉවසන්න කියලා.

කොහොමහරි ප්‍රියංකා සමඟ මම විවාහ වෙලා අවුරුදු දෙකක් ගතවෙලා ගියා. අම්මා ප්‍රියංකාගේ දොස් දකින එකේත් අවසානයක් තිබුණේ නැහැ.”

“අපි මෙහෙන් යමු…එහෙම නැත්තම් අපි වෙන්වෙමු…”

දවසක් ප්‍රියංකා මට එහෙම කිව්වේ අඬ අඬා “අපි තව ටිකක් බලමුකෝ…”

“මම එහෙම කියලා ප්‍රියංකාගේ හිත සැනසුවත් අපේ අම්මා නිහඬව හිටියේ නැහැ.”

“මගේ පුතාව කෑවා කියලා අම්මා අපේ කාමරයට කඩා වැදිලා ප්‍රියංකට පහර දෙන්නයි බනින්න පටන් ගත්තා.

මම අම්මව පැත්තකට තල්ලු කළා. ප්‍රියංකා මුනින්තලා වෙලා අඬන්න පටන් ගත්තා. පස්සේ අම්මා අපිට බැන බැන එයාගේ කාමරයට වෙලා හිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි - ඉවරයි ඉවරයි
01:05
Video thumbnail
සංවර්ධන නිලධාරීන් සියලුදෙනා ගුරු විභාගය ලියන්න එකඟ වුණා..විපක්ෂය රට 70 - 77ට ගෙනියන්න යන්නේ
06:19
Video thumbnail
අම්මෝ කොහොමද සෙනඟ - නාමල්ගේ අතින් අල්ලන්න පොරකයි
02:06
Video thumbnail
නව විගණකාධිපතිවරයා තෝරා පත්කර ගනී.."කොහොමත් ජනපති දැම්ම කෙන තමයි පත් කරන්නේ.."
01:08
Video thumbnail
එළියට ආ නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:56
Video thumbnail
අපිට සතුටුයි..විධායක ජනපති හැටියට දුන්න පොරොන්දුවලට..මාරාන්තික උපවාසය තාවකාලිකව නවත්වයි
06:16
Video thumbnail
CIDයෙන් එළියට ආ නාමල්ව ජන ගඟක් වටකරගනී
03:49
Video thumbnail
මිහින්තලේ හිමි සහ සමන්තභද්‍ර හිමි කටුසෑය වන්දනා කිරීමට එයි..මිහින්තලේ ඝංඨාරය උමංදාවට ඇහෙනවා
11:33
Video thumbnail
අධිකරණ ඇමති ඉන්නේ ප්‍රේමදාස දීපු ගෙදරේ
10:21
Video thumbnail
ජය ඝෝෂා මැදින් ශිරන්ති එළියට ආ හැටි - ලක් අම්මට ජයවේවා
01:29


?