අයවැයෙන් වෙන් වූ ප්‍රතිපාදන ප්‍රමුඛතා හඳුනාගනිමින් ඵලදායීව යොදන්න – ජනපති (වීඩියෝ)

නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ අද (12) ජනාධිපති ලේකම් කාර්‍යාලයේදියි.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ එම කටයුතු වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඵලදායීව යෙදවීම පිළිබඳ සොයා බැලීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවා තිබූ බවයි වාර්තා වන්නේ.

විධිමත් නගර සංවර්ධනයක් තුළින් මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ඇති හැකියාව මෙහිදි ජනාධිපතිවරයා විසින් පෙන්වාදෙනු ලැබුවා.

නගර සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී ආර්ථික, සමාජීය, පාරිසරික සහ භෞතික වශයෙන් ඒකාබද්ධ සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාව ද නිලධාරීන්ට ජනාධිපතිවරයා විසින් දැනුම්දෙනු ලැබුවා.

නාගරික සැලසුම් අනුමත කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට මේ වන විට සැලසුම් කර ඇති අතර ඒ වෙනුවෙන් අදාළ ආයතන ඒකාබද්ධ කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.

දිවයින පුරා නගර 119ක් සඳහා මේ වන විට නගර සංවර්ධන සැලසුම් සකස් කර ඇති අතර එම සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡාව සිදු කෙරුණා.

නගර සැලසුම්කරණය, ප්‍රාග්ධන ආයෝජන, රජය විසින් අනුමත සංවර්ධන ව්‍යාපෘති සහ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම, නාගරික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් සම්පාදනය කර ක්‍රියාත්මක කිරීම, නව සංවර්ධන ව්‍යාපෘති සඳහා ගිවිසුම්වලට එළැඹීම, සම්පුර්ණ කිරීමට අසමත්ව කිසියම් පුද්ගලයෙකු විසින් පැහැර හැර ඇති ඕනෑම සංවර්ධන කටයුත්තක් භාරගැනීම හා සම්පූර්ණ කිරීම, ප්‍රාග්ධන වැඩිදියුණු කිරීමේ වැඩසටහන් සම්පාදනය, පාරිසරික ප්‍රමිති සකස් කිරීම සහ පරිසර වැඩිදියුණු කිරීමේ ක්‍රියාකාරකම් පිළියෙළ කිරීම, ගොඩනැගිලි ඉංජිනේරු සහ අනෙකුත් මෙහෙයුම් සිදු කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය ආදී නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති කාර්යභාරය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව ද මෙහිදී සමාලෝචනයට ලක් වුණා.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජනේරු එල්.බී.කුමුදු ලාල් යන මහත්වරුද, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි දේශපාලනික ආරංචි මාර්ගවල සඳහන් වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51