පුතුගේ උපන් දිනයට ගුරු අම්මා දුන්නු මත් සාදය කෙළවර වුණු හැටි

පුතාගේ උපන්දිනයට මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් සහ තරුණ තරුණියන් 15 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග සුඛෝපභෝගී දෙමහල් නිවසකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් එම පිරිස අතර සැකකාර ගුරුවරියගේ පුතුන් දෙදෙනාද සිටින බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් හා ගංජා මිලිග්‍රෑම් 2450 මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට යොදා ගන්නා උපකරණ ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය මෙම ස්ථානය වටලන විට නිවසේ ඉහළ මහලේ සාලයේ මෙම පිරිසෙන් කොටසක් වේග රිද්ම සංගීතයට අනුව නර්තනයේ යෙදෙමින් සිට ඇති අතර,අනෙක් පිරිස මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි සිට තිබෙනවා.

අදාල ගුරුවරියද මෙම තරුණ පිරිස සමග විනෝද වෙමින් සිට ඇති අතර අවුරුදු 42 ක් වන සැකකාර ගුරුවරියට අමතරව වයස අවුරුදු 18 සහ 23 අතර පසුවන තරුණ තරුණියන් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ පානය කළ මත්ද්‍රව්‍ය වලට අමතරව අයිස් සහ ගංජා මත්ද්‍රව්‍යද සොයාගත් බව සඳහන් වනවා.

දෙහිවල වැල්ලවත්ත සහ කොළඹ අවට පදිංචි මේ තරුණ තරුණියන් ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන බවයි දැනගන්නට ලැබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?