පුතාගේ පෙම්වතියට නොමනා වැඩක් කළ කතට අධිකරණයෙන් දැඩි දඬුවම්

තරුණියකට පහර දී ඇයගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන දෙමව්පියන් වෙත පෙන්වූ බව කියන කාන්තාවකට වරද පිළිගැනීමෙන් පසු අත්හිට වූ සිරදඬුවම් නියම කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා අද (13) නියෝග කළා.

ඒ, අනුව වසර 10කට අත්හිටවූ මාස 23ක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසයි විත්තිකාරියට අධිකරණය නියෝග කර ඇත්තේ.

විත්තිකාර කාන්තාවගේ පුත්‍රයා සහ ඔහුගේ පෙම්වතිය බව කියන තරුණියක් නිවසේ කාමරයක් තුළ ලිංගිකව එකතුවෙමින් සිටි අවස්ථාවක එම කාමරයට කඩා වැදී විත්තිකාරිය තරුණියට පහර දී ඇති බවයි අධිකරණයේ දී අනාවරණය වී ඇත්තේ.

එහිදී අදාළ කාන්තාව විසින් තම පුත්‍රයා එම ස්ථානයෙන් ඉවත්කර තරුණියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන ඒවා තරුණියගේ දෙමව්පියන් වෙත පෙන්වා ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධියේ කම්පනයට පත්ව ඇති තරුණිය දැඩිලෙස මානසික පීඩනයකට ලක්ව රෝගී වී ඇති බවට අනාවරණය තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් සැකකාර කාන්තාවට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා තුනක් යටතේ නඩුවක් ගොනුකර තිබෙනවා.

01.අයුතු ලෙස සිරකර තබා ගැනීම, 02.අයුතු ලෙස ඡායාරූප ලබාගැනීම සහ එය නිර්මාණය කර වෙනත් අයට පෙන්වීම, 03.පහර දී තුවාල සිදුකිරීම යන චෝදනා සැකකාරියට එරෙහිව එල්ල වූ චෝදනා වනවා.

මෙම චෝදනාවලට කුරුණෑගල අධිකරණය ඉදිරියේ වරද පිළිගත් විත්තිකාර කාන්තාවට ඉහත දඬුවම් සහ වන්දි මුදල් නියම කිරීමටයි මහේස්ත්‍රාත්වරයා කටයුතු කර ඇත්තේ.

ඊට අමතරව පළමු සහ දෙවන චෝදනාවලට රුපියල් දහස බැගින් ද, තුන්වන චෝදනාවට රුපියල් 1500ක ද දඩ මුදලක් ද නියම කිරීමට අධිකරණ කටයුතු කර තිබෙනවා.

මේ අතර කාන්තාවක් ලෙස සිදුනොකළ යුතු දෙයක් විත්තිකාරිය විසින් සිදුකළ ඇති බවත්, වෙනත් කෙනෙකුට මෙවැනි දෙයක් සිදුනොවන ලෙස සමාජයට ආදර්ශයක්වන ආකාරයෙන් ජීවිත්වන ලෙසත්, මෙම දඬුවම් නියම කරමින් කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා තරයේ අවවාදකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
7
+1
3
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ ඇදුනු තෙල් ප්‍රශ්න..රජය රුසියාව එක්ක ගිවිසුමකට යන්නද යන්නේ ?
06:01
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.24
45:47
Video thumbnail
කඩාකප්පල්කාරි වැඩ නිසා නෙවෙයි බස් ගාස්තු වැඩි කළේ..ආයෙත් බස් ගාස්තු වැඩිවෙයිද ?
06:30
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
05:19
Video thumbnail
පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලැබෙන්නේ මෙහෙමයි
01:22
Video thumbnail
කෝ කාංචනගේ සාක්කුවට ගිය සල්ලි..පළාත් සභා තියන්න..මහජනතාව පාඩමක් උගන්වයි
02:12
Video thumbnail
තෙල් නැතව වැල්ලවායේ ෂෙඩ් පාලුවට ගිහින්
01:02
Video thumbnail
නානාගේ කෑම කාපු රවීටයි ශානිටයි දැන් දිරවගන්න බැරුව ඉන්නේ
04:44
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්
01:28
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් "ඔයාලා වගේ ඩබල් ගේම් ගහන්නේ නෑ..බයිලා ගහන්න එන්න එපා"
05:07