පුතාගේ පෙම්වතියට නොමනා වැඩක් කළ කතට අධිකරණයෙන් දැඩි දඬුවම්

තරුණියකට පහර දී ඇයගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන දෙමව්පියන් වෙත පෙන්වූ බව කියන කාන්තාවකට වරද පිළිගැනීමෙන් පසු අත්හිට වූ සිරදඬුවම් නියම කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා අද (13) නියෝග කළා.

ඒ, අනුව වසර 10කට අත්හිටවූ මාස 23ක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසයි විත්තිකාරියට අධිකරණය නියෝග කර ඇත්තේ.

විත්තිකාර කාන්තාවගේ පුත්‍රයා සහ ඔහුගේ පෙම්වතිය බව කියන තරුණියක් නිවසේ කාමරයක් තුළ ලිංගිකව එකතුවෙමින් සිටි අවස්ථාවක එම කාමරයට කඩා වැදී විත්තිකාරිය තරුණියට පහර දී ඇති බවයි අධිකරණයේ දී අනාවරණය වී ඇත්තේ.

එහිදී අදාළ කාන්තාව විසින් තම පුත්‍රයා එම ස්ථානයෙන් ඉවත්කර තරුණියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන ඒවා තරුණියගේ දෙමව්පියන් වෙත පෙන්වා ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධියේ කම්පනයට පත්ව ඇති තරුණිය දැඩිලෙස මානසික පීඩනයකට ලක්ව රෝගී වී ඇති බවට අනාවරණය තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් සැකකාර කාන්තාවට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා තුනක් යටතේ නඩුවක් ගොනුකර තිබෙනවා.

01.අයුතු ලෙස සිරකර තබා ගැනීම, 02.අයුතු ලෙස ඡායාරූප ලබාගැනීම සහ එය නිර්මාණය කර වෙනත් අයට පෙන්වීම, 03.පහර දී තුවාල සිදුකිරීම යන චෝදනා සැකකාරියට එරෙහිව එල්ල වූ චෝදනා වනවා.

මෙම චෝදනාවලට කුරුණෑගල අධිකරණය ඉදිරියේ වරද පිළිගත් විත්තිකාර කාන්තාවට ඉහත දඬුවම් සහ වන්දි මුදල් නියම කිරීමටයි මහේස්ත්‍රාත්වරයා කටයුතු කර ඇත්තේ.

ඊට අමතරව පළමු සහ දෙවන චෝදනාවලට රුපියල් දහස බැගින් ද, තුන්වන චෝදනාවට රුපියල් 1500ක ද දඩ මුදලක් ද නියම කිරීමට අධිකරණ කටයුතු කර තිබෙනවා.

මේ අතර කාන්තාවක් ලෙස සිදුනොකළ යුතු දෙයක් විත්තිකාරිය විසින් සිදුකළ ඇති බවත්, වෙනත් කෙනෙකුට මෙවැනි දෙයක් සිදුනොවන ලෙස සමාජයට ආදර්ශයක්වන ආකාරයෙන් ජීවිත්වන ලෙසත්, මෙම දඬුවම් නියම කරමින් කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා තරයේ අවවාදකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
7
+1
3
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?