පුටින්ට ශල්‍යකර්මයක් – සියලු බලතල යුක්‍රේන ආක්‍රමණයේ ප්‍රධාන සැලසුම්කරුට

පිළිකා තත්ත්වයක් හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් ශල්‍යකර්මයකට භාජනය කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වෛද්‍යවරුන් පුටින්ට උපදෙස් ලබාදී ඇත්තේ සැත්කමට භාජනයවීම සිදුවන නිසා කෙටි කාලයක් සිය වැඩ කටයුතුවලින් බැහැරව විවේකී සුවයෙන් පසුවන ලෙසයි.

අදාල කාලසීමාව තුළ සිය බලතල සියල්ල රුසියානු ඔත්තු සේවයේ ප්‍රධාන නිලධාරියෙකු වන 70 හැවිරිදි නිකලෝයි පතෘශේප්ට පැවරීමට සූදානම් බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

පතෘශේප් යුක්‍රේන ආක්‍රමණයේ ප්‍රධාන සැලසුම්කරු බවයි හඳුනාගෙන ඇත්තේ.