පුංචි හපනුන්ගේ ශිෂ්‍යත්වය අද

අද (18දා) පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙයි. විභාගය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ (3,34,698 ක්) තුන්ලක්‍ෂ තිස්හතර දහස් හයසිය අනූඅට දෙනෙක් පෙනී සිටි.මෙවර විභාගයේ දෙවැනි ප්‍රශ්න පත්‍රය පළමුවත් පළමු ප්‍රශ්න පත්‍රය දෙවනුවත් ලබාදෙන බවත් විභාගය ආරම්භ වීමට පැය භාගයකටවත් පෙර දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත යොමුකරන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය.

පළමුව ලබාදෙන දෙවැනි ප්‍රශ්න පත්‍රය අද (18දා) පෙරවරු 9.30 සිට පෙරවරු 10.15 දක්වා පැවැත්වේ. දෙවනුව ලබාදෙන පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට දහවල් 12.45 දක්වා පැවැත්වේ.විභාගය මධ්‍යස්ථාන 2894ක දී පැවැත්වේ. විභාග සම්බන්ධීකරණය සඳහා මධ්‍යස්ථාන 494 ක් කටයුතු කරයි.