පුංචි ඡන්දය ගැන අධිකරණ තීන්දුව අද

ඉකුත් වසරේ මාර්තු මස 9 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව අද (22) ප්‍රකාශ කිරීමට නියමිතයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලාධිපතිනිය, භාණ්ඩාගාර ලේකම්, නීතිපතිවරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු කිහිප දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසුරිය, ජාතික ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පාර්ශ්ව 04ක් විසින් ඊට අදාළව පෙත්සම් ගොනු කර තිබෙනවා.

එම පෙත්සම් විභාගයේ කටයුතු පසුගිය ජුනි 06 වැනිදා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් කේ මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු , ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අතර එහිදි විනිසුරුවරුන් විසින් පෙත්සම් විභාග කටයුතු අවසන් කළ බවයි අප අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

අමාත්‍ය මණ්ඩල තීරණයක් මත භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නිකුත් කර ඇති අයවැය චක්‍රලේඛය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි සහ නීතියට පටහැනි බව පෙත්සම්කරුවන් විසින් පෙත්සම් මගින් දක්වා තිබෙනවා.

එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1) (අ) වගන්ති යටතේ ඔවුන්ට සහතික කර ඇති මූලික අයිතිවාසිකම් වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කර ඇති බවට ප්‍රකාශයක් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටින බවත් වාර්තා වනවා.

ඉකුත් වසරේ මාර්තු 9 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි එදින නොපැවැත්වීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27