පුංචි ඡන්දය ගැන අධිකරණ තීන්දුව අද

ඉකුත් වසරේ මාර්තු මස 9 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව අද (22) ප්‍රකාශ කිරීමට නියමිතයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලාධිපතිනිය, භාණ්ඩාගාර ලේකම්, නීතිපතිවරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු කිහිප දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසුරිය, ජාතික ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පාර්ශ්ව 04ක් විසින් ඊට අදාළව පෙත්සම් ගොනු කර තිබෙනවා.

එම පෙත්සම් විභාගයේ කටයුතු පසුගිය ජුනි 06 වැනිදා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් කේ මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු , ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අතර එහිදි විනිසුරුවරුන් විසින් පෙත්සම් විභාග කටයුතු අවසන් කළ බවයි අප අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

අමාත්‍ය මණ්ඩල තීරණයක් මත භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නිකුත් කර ඇති අයවැය චක්‍රලේඛය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි සහ නීතියට පටහැනි බව පෙත්සම්කරුවන් විසින් පෙත්සම් මගින් දක්වා තිබෙනවා.

එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1) (අ) වගන්ති යටතේ ඔවුන්ට සහතික කර ඇති මූලික අයිතිවාසිකම් වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කර ඇති බවට ප්‍රකාශයක් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටින බවත් වාර්තා වනවා.

ඉකුත් වසරේ මාර්තු 9 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි එදින නොපැවැත්වීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?