පුංචි ඡන්දයේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අදයි.

ඒ, අනුව පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල් ඇතුළු සියලුම ආයතනවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවනවා.

මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම ඊයේ (24) දින ආරම්භ වූ අතර, ලබන 28 සහ 29 යන දෙදින ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා ද මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය සේවකයින්ට අවස්ථාව ලබාදී තිබෙනවා.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබාදී ඇති කාලය කිසිම අවස්ථාවක දීර්ඝ නොකරන බවයි.

‍මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 648,495 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?