spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අනිද්දා සිට

පළාත්පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම් අනිද්දා (15) දිනයේ සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

පළාත්පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම එළඹෙන 22, 23 සහ 24 යන දිනවල සිදුකිරීමට නියමිතයි.

එම දිනයන්වල දී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඉදිරියේ තැපැල් ඡන්දය ලකුණු කිරීමට හැකියාව පවතිනවා.

මේ අතර එළඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අයදුම්කළ ඡන්ද අයදුම්පත් වලින් අයදුම්පත් 36,000ක සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තාවනවා .

ඒ, ඒවායේ පැවති විවිධ දෝෂ හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?