ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවදානය දිනාගෙන සිටි මිතුරන් දෙදෙනෙක් ලෝකය වටා යන අතර මඟ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බ්‍රසීලියානු ජාතික ජෙසී කෝස් සහ ඔහුගේ ආදරණීය සුරතලා වන ෂුරාස්ටේ නමැති සුනඛයායි.
මොවුන් දෙදෙනා මෙලෙස අවාසනාවන්ත අයුරින් මෙලොව හැර යාම සම්බන්ධයෙන් මේ වනවිටත් සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් මතුව තිබෙනවා.
තමන්ගේ පැරණි මෝටර් රථය භාවිත කරමින් විවිධ රටවල් වල සංචාරය කිරීම විනෝදාංශය කරගත් ජෙසී කෝස් සිය සුරතලා සමඟ 2017වසරේ දී ලෝක සවාරිය ආරම්භ කළා.
එම ලෝක සවාරිය අතර තුර පසුගිය 25 වනදා ඇලස්කාවේ සංචාරය කරමින් සිටිය දී ඔවුන් දෙදෙනා ගමන්ගත් මෝටර් රථය හදිසි රිය අනතුරකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.
මෙම මිතුරන් දෙදෙනා ඒ වනවිටත් රටවල් 16 කට වැඩි ප්‍රමාණයක සංචාරය කර තිබූ අතර ජෙසීගේ සමාජ මාධ්‍ය තුළින් අනුගාමිකයින් විශාල පිරිසක් මොවුන් වටා එක්ව සිටියා.























