ලොව ජනප්‍රිය සංචාරක වෙබ් අඩවියක් වන Agoda විසින් මේ වසර සඳහා නම් කරන ලද හොඳම ආසියානු කඳුකර ගමනාන්ත ලැයිස්තුවට මෙරට මධ්‍යම කඳුකරයේ පිහිටි නුවරඑළිය ඇතුළත් කර තිබෙනවා.
මෙහිදී Agoda වෙබ් අඩවිය විසින් නුවරඑළිය හඳුන්වා දී ඇත්තේ ‘පුංචි එංගලන්තය‘ ලෙසයි.
නුවරඑළියේ දක්නට ලැබෙන හරිත පැහැ තේ වගාවන්, යටත්විජිත කාලයට අයත් ගොඩනැඟිලි අතර සංචාරය කිරීම සංචාරකයින්ට වඩාත් විනෝදාත්මක අත්දැකීමක් ලබාදෙන බවයි Agoda වෙබ් අඩවිය මඟින් දන්වා ඇත්තේ.
Agoda වෙබ් අඩවිය මඟින් නම් කරන ලද හොඳම ආසියානු කඳුකර ගමනාන්ත අතර, ඉන්දියාවේ ශිම්ලා කලාපය සහ මුන්නාර් කඳුකරය, මැලේසියාවේ කැමරූන් උස් කඳුකරය, වියට්නාමයේ සපා කඳුකරය සහ ඩලාත් කලාපය, ඉන්දුනීසියාවේ බන්ඩුන් මෙන්ම භූතානයේ තිම්පු පුරවරය ද ඇතුළත් වනවා.



