පිළුණු බත් කැවූ පේරාදෙණියේ සිසුන් 11 දෙනෙකුට පංති තහනමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන වසරේ සිසුන් 11 දෙනෙකුගේ පංති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

නවක සිසුන් පිරිසකට පිළුණු බත් කෑමට සලස්වා අමානුෂික ලෙස හිංසා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පංති තහනම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පංති තහනමට ලක් වූ සිසුන් විසින් කළමනාකරණ පීඨයට ඇතුළු වූ නවක සිසු කණ්ඩායමක් පසුගිය 05 දින විශ්වවිද්‍යාලයේ අක්බාර් නේවාසිකාගාරය වෙත රැගෙන ගොස් ඔවුන්ට පිළුණු වූ බත් කෑමට දී පරුෂ වචනයෙන් බැණ වැද පහරදී ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ වසරේ සිසුන් පිරිසකගේ තාවකාලිකව පංති තහනම් කිරීමට කටයුතු කර ඇති අතර, මෙම සිදුවීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් සඳහන් කළේ.

ඊයේ (10) දින සිට ක්‍රියාත්මකවන පරිදි මෙම තාවකාලික පංති තහනම පනවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
6
+1
0
+1
0
+1
3
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?