පිළුණු බත් කැවූ පේරාදෙණියේ සිසුන් 11 දෙනෙකුට පංති තහනමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන වසරේ සිසුන් 11 දෙනෙකුගේ පංති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

නවක සිසුන් පිරිසකට පිළුණු බත් කෑමට සලස්වා අමානුෂික ලෙස හිංසා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පංති තහනම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පංති තහනමට ලක් වූ සිසුන් විසින් කළමනාකරණ පීඨයට ඇතුළු වූ නවක සිසු කණ්ඩායමක් පසුගිය 05 දින විශ්වවිද්‍යාලයේ අක්බාර් නේවාසිකාගාරය වෙත රැගෙන ගොස් ඔවුන්ට පිළුණු වූ බත් කෑමට දී පරුෂ වචනයෙන් බැණ වැද පහරදී ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ වසරේ සිසුන් පිරිසකගේ තාවකාලිකව පංති තහනම් කිරීමට කටයුතු කර ඇති අතර, මෙම සිදුවීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් සඳහන් කළේ.

ඊයේ (10) දින සිට ක්‍රියාත්මකවන පරිදි මෙම තාවකාලික පංති තහනම පනවා තිබෙනවා.

  1. OYA P K Y N T A AYE KISIMA CAMPUS EKAK ATHULATA ENNA DENNA EPA. SADAHATAMA PANTHI THAHANAM KARANNA ONA. 2018 SAHARAN BALLAGE ATAACK EKA, EKEN 2023 WENAKAM NAGITINNA BER UNA. EYI ATHARE 2020 COVID, 2023 ARAGALAYA. MEKEN 2022 O/L A/L KALA DARUWANTA UNA PADUWA PENNE MEWARA A/L SAHA O/L RESULT AWAMA. KISI DAKA NATHI THARAM DARUWO PRACHANDA WELA ISKOLA GURUWARU EKKA MAAARA THARAHAKIN WAYIRAYAKIN INNE. EKANE CEILING EKEK DESK, CHAIR ELLUWE, CEILING FAN BLADES DEKATA NAWUUWE. MEWA WERADI UNATH EHEMA KALEYI EHEMA KALAMA HARI EYALATA UNA ASADHARANAYA PENEYI KIYALA HITHALA WENNA ATHI. EHEMA AMARUWEN THERILA YANA DARUWANTA MUN DENA DASA WADHATH IWASANNA BAHANE..