Empty Ad
Empty Ad
 Empty Ad

පිසින ලද මුවමස් ලග තබාගෙන සිටි පුද්ගලයෙකුට වසර දෙකකට පසු දඬුවම්

පිසින ලද මුවමස් ලග තබාගෙන සිටි පුද්ගලයෙකු අංගම්මැටිල්ල වනජීවි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වසර දෙකක් විභාග වූ නඩුවකින් පසු ඔහුට රුපියල් 50,000 ක දඩයක් හා වසර පහක අත් හිටවුන ලද සිරදඬුවමක් ලබාදෙන ලෙස අද (03) දින පොළොන්නරුව මහේස්ත්‍රාත් යූ.ඒ.එස්.කේ. වික්‍රමරත්න මහතා විසින් නියෝග කර තිබෙනවා.

මෙම දඬුවමට ලක්ව ඇත්තේ අංක 06 ධීවර ගම්මානය කලහගල, පොළොන්නරුව ලිපිනයේ පදිංචිව සිටි කිරාලලාගේ කළුබණ්ඩා යන අයෙකුටයි.

2022 ඔක්තෝබර් 10 අදාළ සැකකරු තම නිවසේ පිසින ලද මුවමස් තබාගෙන සිටියදී අංගම්මැණිල්ල වනජීවී කාර්යාලයේ නිලධාරි කණ්ඩායමක් මගින් සිදුකළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අනතුරුව නඩු පැවරූ අතර එම නඩුව වසර දෙකක්ම විභාග වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනතේ 30(ඇ) වගන්තිය යටතේ නඩුව ගොනුකර තිබෙන අතර, අදාළ සැකකරු, අංගම් මැඩිල්ල වනජීවී කාර්යාලයේ අඩවි සහකාර, බී.ජී.ඒ.එම්. දිනේෂ්, වනසත්ව නියාමක යු.බී.එස්.එන්. කුමාරසිංහ යන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අංගම්මැඩිල්ල උද්‍යාන භාරකරු, ආර්.පී.එස්. උඩපෝරුව, අයි.පී.කේ. රණතුංග යන මහත්වරු විසින් මෙම නඩුව මෙහෙයවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ රටේ පර්යේෂකයන්ට මල් තියලා වඳින්න ඕනි - මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විශේෂ හෙළිදරව්වක්
Video thumbnail
PRAHARAYA | තාක්ෂණය සම්බන්ධ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය සහභාගීවන ප්‍රහාරය
01:25:31
Video thumbnail
රටකට ප්‍රතිපත්ති අතිශ්‍ය වැදගත් - ප්‍රතිපත්ති මත නොගිය නිසා රටට මෙහෙම උණේ
04:58
Video thumbnail
ලංකාව ගොඩදාන්න ආපු මහාචාර්ය ගෝමික උඩුගමසූරියගෙන් රට ගොඩගන්න ගේන සුපිරි සැලසුම්
05:34
Video thumbnail
මිහින්තලා පුද බිමේ දූෂිත ක්‍රියා හෙළි කළ දසතට පාතාලය ජීවිත තර්ජනය කරයි
10:00
Video thumbnail
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ජවිපෙ ප්‍රධන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක්
01:03
Video thumbnail
කාදිනල් හිමිගෙන් කථානායකට සුභ පැතුම්
01:50
Video thumbnail
කෝටි විසිදෙකක් වටිනා අයිස් සහ හෙරෝයිනුත් සමග උනාපුරුවේ ශාන්ත ගේ දේමස්සිනාලා STF දැලේ
02:33
Video thumbnail
කථානායකගෙන් කාදිනල් හිමිට ප්‍රතිඥාවක්
01:37
Video thumbnail
ජාතිවාදය වපුරන අයට ආණ්ඩුව ඇයි නිහඬ ?
11:25

?