AFC Banner
AFC Banner
Empty Ad

පිලිපීනය ම හෙල්ලෙයි – මාපකාංක 7.1ක භූ කම්පනයක්

පිලිපීනයේ දරුණු භූ කම්පනයක් සිදු ව තිබෙනවා.

එම භූ කම්පනයේ අගය දැක්වෙන්නේ රික්ටර් මාපකාංක 7.1ක් ලෙසයි.

මෙම භූ කම්පනය පිලිපීනයේ මින්ඩනාඕ හි දී සිදු ව ඇතැයි එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

අද (11) උදෑසන මෙම භූ කම්පනය සිදු ව ඇත්තේ මින්ඩනාඕ ප්‍රාන්තයේ කිලෝමීටර් 630ක් දුරින් බවයි ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) පවසන්නේ.

පිලිපීනයේ භූ කම්පන විද්‍යා ඒජන්සිය පැවසුවේ භූ කම්පන හානි වාර්තා නොවුණ ද, පසු කම්පන සිදුවීම්වලින් වන හානිය වැඩිවිය හැකි බවයි.

මෙය සිදු ව ඇත්තේ පිලිපීනය පිහිටා ඇති පැසිෆික් සාගරයේ ගිනිකඳු සහ භූමිකම්පා බහුලව සිදුවන ‘ගිනි වළල්ලේ’ බවත් වාර්තා වනවා.

මින්දනාඕ දූපතේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ ඊසානදිග සෙලිබෙස් මුහුදේ දී අද පෙරවරු 10:13 ට මෙම භූ කම්පනය සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?