රික්ටර් මාපකයේ 7.4 ක අගයකින් යුත් භූමිකම්පාවක් වාර්තාවීමත් සමඟ පිලිපීනය සහ ඉන්දුනීසියාව සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
පිලිපීනයේ පාලනාධිකාරිය විසින් වෙරළබඩ ප්‍රදේශවල රැඳී සිටින ජනතාව ඉවත් කිරීම් කඩිනම්කර තිබෙන බවයි වාර්තා වන්නේ.
පිලිපීනයේ ඇතැම් ප්‍රදේශවල සුනාමි රළ සාමාන්‍ය වඩදිය මට්ටමට වඩා මීටර් 03 (අඩි 10) දක්වා ඉහළ යාමේ හැකියාවක් සහ ඉන්දුනීසියාවේ මීටර් 01 ක් පමණ ඉහළට රළ පැමිණීම සිදුවිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
+1





