logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

පිලිපීනයට පසු වියට්නාමය සමඟ ඇවිලෙන චීනය

චීන වෙරළාරක්ෂක බලකාය සහ පිලිපීන හමුදා අතර උත්සන්න වන ආතතීන් බොහෝ දෙනාගේ අවධානය මේ වන විට ලක්ව අවසන්.

කෙසේ වෙතත්, දකුණු චීන මුහුදේ (South China Sea – SCS) තවත් රටකට බීජිං හි ස්ථිර උපක්‍රමවල බර දැනෙමින් තිබෙනවා.

වියට්නාමය සිය සමුද්‍ර කලාපය තුළ චීන පර්යේෂණ යාත්‍රා වැඩි වශයෙන් පැවතීම පිළිබඳව සිය භීතිය ප්‍රකාශ කර ඇති අතර “නීති විරෝධී ක්‍රියාකාරකම්” නතර කරන ලෙස බීජිනයෙන් ඉල්ලා සිටිනවා.

චීනයේ සමුද්‍ර අළු කලාපීය උපාය මාර්ගවලට අනුකූලව, වියට්නාමයේ සුවිශේෂී ආර්ථික කලාපයේ (EEZ) චීන යාත්‍රා දිගින් දිගටම පැවතීම, වියට්නාමය මත පීඩනය තීව්‍ර කරනවා.

2023 දී, චීන සමීක්ෂණ නෞකාවක් එහි වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක් දුරින් පිහිටි වියට්නාම මුහුදු සීමාව මාසයක් පුරා ආක්‍රමණය කළා.

ජාතීන් දෙක අතර මෙම ඝර්ෂණය දකුණු චීන මුහුදේ තවත් ගින්නක් අවුළුවනු ඇතැයි සැක පළවනවා.

චීන පර්යේෂණ, වෙරළාරක්ෂක සහ සිවිල් යාත්‍රා වියට්නාම තෙල් හා ගෑස් මෙහෙයුම් කඩාකප්පල් කරමින් මුහුදු සීමාවේ රැඳී සිටින බව සඳහන්.

වියට්නාමය පසුගිය දා EEZ සහ මහාද්වීපික කලාපය තුළ Hai Yang 26 යාත්‍රාවේ සමීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කළා.

හැනොයි විසින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිය විරෝධය ප්‍රකාශ කර තිබෙනවා.

දකුණු චීන මුහුදේ ගවේෂණ නොකළ තෙල් බැරල් බිලියන 11ක් සහ ස්වාභාවික වායු ඝන අඩි ට්‍රිලියන 190 ක් පවතින බව ගණන් බලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?