පිලිපීනයට පසු වියට්නාමය සමඟ ඇවිලෙන චීනය

චීන වෙරළාරක්ෂක බලකාය සහ පිලිපීන හමුදා අතර උත්සන්න වන ආතතීන් බොහෝ දෙනාගේ අවධානය මේ වන විට ලක්ව අවසන්.

කෙසේ වෙතත්, දකුණු චීන මුහුදේ (South China Sea – SCS) තවත් රටකට බීජිං හි ස්ථිර උපක්‍රමවල බර දැනෙමින් තිබෙනවා.

වියට්නාමය සිය සමුද්‍ර කලාපය තුළ චීන පර්යේෂණ යාත්‍රා වැඩි වශයෙන් පැවතීම පිළිබඳව සිය භීතිය ප්‍රකාශ කර ඇති අතර “නීති විරෝධී ක්‍රියාකාරකම්” නතර කරන ලෙස බීජිනයෙන් ඉල්ලා සිටිනවා.

චීනයේ සමුද්‍ර අළු කලාපීය උපාය මාර්ගවලට අනුකූලව, වියට්නාමයේ සුවිශේෂී ආර්ථික කලාපයේ (EEZ) චීන යාත්‍රා දිගින් දිගටම පැවතීම, වියට්නාමය මත පීඩනය තීව්‍ර කරනවා.

2023 දී, චීන සමීක්ෂණ නෞකාවක් එහි වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක් දුරින් පිහිටි වියට්නාම මුහුදු සීමාව මාසයක් පුරා ආක්‍රමණය කළා.

ජාතීන් දෙක අතර මෙම ඝර්ෂණය දකුණු චීන මුහුදේ තවත් ගින්නක් අවුළුවනු ඇතැයි සැක පළවනවා.

චීන පර්යේෂණ, වෙරළාරක්ෂක සහ සිවිල් යාත්‍රා වියට්නාම තෙල් හා ගෑස් මෙහෙයුම් කඩාකප්පල් කරමින් මුහුදු සීමාවේ රැඳී සිටින බව සඳහන්.

වියට්නාමය පසුගිය දා EEZ සහ මහාද්වීපික කලාපය තුළ Hai Yang 26 යාත්‍රාවේ සමීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කළා.

හැනොයි විසින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිය විරෝධය ප්‍රකාශ කර තිබෙනවා.

දකුණු චීන මුහුදේ ගවේෂණ නොකළ තෙල් බැරල් බිලියන 11ක් සහ ස්වාභාවික වායු ඝන අඩි ට්‍රිලියන 190 ක් පවතින බව ගණන් බලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31