පිල්ලෙයාන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට රැගෙන එයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආවා.

එහිදී ඔහු අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ අතර, ඉන්පසු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඔහු ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

2006 වර්ෂයේ නැගෙනහිර පළාතේ දී විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව පිල්ලෙයාන් 2025 අප්‍රේල් මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මඩකලපුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු ඔහුව රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කෙරෙනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ද පිල්ලෙයාන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02
Video thumbnail
කන්නවත් මුන් හරියට දෙන්නේ නෑ..දවල් හදපු කෑම රෑට දෙන්නේ මුන්..නවත්තන බස්වලටත් දඩයක් ගහන්න ඕනි
01:26