AFC Banner
Empty Ad
Empty Ad

පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායන මධ්‍යස්ථානයකට යැවේ

මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සහ අත්අඩංගුවට ගෙන ඇප මුදාහැරි 13දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබේ.

පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ කොළඹ තරු පහේ හෝටලයක දී නිරෝධායන රීතින් උල්ලංඝනය කරමින් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පි චන්දිම ජයසිංහ මහතාගේ උපන්දින සාදයට සහභාගි වු තවත් පුද්ගලයින් 07 දෙනෙකු කොටුව පොලීසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව එම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ දින අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයින් 06 දෙනාද ඇතුළුව මුළු පුද්ගලයින් පුද්ගලයින් 13 දෙනෙකු කොළඹ  ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදි කොටුව පොලීසිය විසින් එම පුද්ගලයින් බන්ධනාගාර ගත කර නිරෝධායනයට යොමු කරන ලෙස ඉල්ලීමක් කළද, තමන්ට ඒ සඳහා බලතල නොමැති බව ප්‍රකාශ කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය මහතා එක් අයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියම කළේය.  

කෙසේ වෙතත් එම පිරිස එක්වර සමාජයට මුදාහරීම උචිත නොවන බැවින් අධිකරණයෙන් ඇප හිමිවු පුද්ගලයින් 13 දෙනා සහ පියුමි හන්සමාලි ඇතුළු පිරිස පස්සර නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමුකිරීමට කොටුව පොලීසිය පියවර ගත්තේය.

නිරෝධායනට රැගෙන යන අතරතුර නිරූපන ශිල්පි පියුමි හංසමාලි සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම තුළ සජීවිව අදහස් පළ කළේය.

https://youtu.be/EiXd-eF02JU

මේ අතර සාදය සංවිධානය කළ චන්දිමාල් ජයසිංහ පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පිටව යාමේදි ඔහුගේ ජිප් රථය මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය වී තිබීම හේතුවෙන් රථය පැදවු රියදුරු අද කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණි.

සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු 12,500ක ඇප මත මුදාහරිනු ලැබීය.

මේ අතර පසුගියදා කුරුණෑගල පොලිස් පරිශ්‍රයේදි නිරෝධායන රීතින් උල්ලංඝනය කරමින් නගරාධිපතිවරයාගේ උපන්දින සැමරුමට සහභාගිවීම හේතුවෙන් ස්ථාන මාරු කළ සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතා අද කුරුණෑගල නගරයේ පිරිත් පැන් ඉසීමේ අවස්ථාවකට සහභාගි වී සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඊළඟ මාලිමා ආණ්ඩුවේ අගමැති විජිත හේරත් හෙළි කරයි
04:03
Video thumbnail
තංගල්ල හොල්ලපු මාලිමා රැළියේ ඩ්‍රෝන කැමරාවේ වීඩියෝ මෙන්න
03:02
Video thumbnail
වේදිකාව උඩ ගලවපු පුෂ්පිකාගේ කිරුළ උසාවි නියෝගයකින් යළි පුෂ්පිකාටම
02:53
Video thumbnail
පරිප්පු බද්ද වැඩි කළේ සත 25කින් - කඩේ එවුන් රුපියල් 20කින් පරිප්පු වැඩි කරලා
11:35
Video thumbnail
හිටපු ජනපති ඉල්ලපු දේවල් දැකලා අනුර ජනපතිට හොඳටම තදවෙයි
06:07
Video thumbnail
මාස තුනෙන් අපි වැටෙනවාලු - පව් අප්පා ජනපති කියයි
05:31
Video thumbnail
අනුර ජනපති වෙලා රැළියක අමතපු පළවෙනි සැරේම කරපු සැර කතාව
32:20
Video thumbnail
මාලිමාවේ වැඩකාරයා ටිල්වින් වේදිකාව හොල්ලයි
11:31
Video thumbnail
මාලිමාවේ පළමු රැළිය උණුසුම් කරපු ජනප්‍රිය නිළිගේ කතාව මෙන්න
09:00
Video thumbnail
මාලිමාවේ තංගල්ලේ රැස්වීමට අනුර ජනපති හදිසියේ එයි
02:47

?