පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායන මධ්‍යස්ථානයකට යැවේ

මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සහ අත්අඩංගුවට ගෙන ඇප මුදාහැරි 13දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබේ.

පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ කොළඹ තරු පහේ හෝටලයක දී නිරෝධායන රීතින් උල්ලංඝනය කරමින් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පි චන්දිම ජයසිංහ මහතාගේ උපන්දින සාදයට සහභාගි වු තවත් පුද්ගලයින් 07 දෙනෙකු කොටුව පොලීසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව එම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ දින අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයින් 06 දෙනාද ඇතුළුව මුළු පුද්ගලයින් පුද්ගලයින් 13 දෙනෙකු කොළඹ  ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදි කොටුව පොලීසිය විසින් එම පුද්ගලයින් බන්ධනාගාර ගත කර නිරෝධායනයට යොමු කරන ලෙස ඉල්ලීමක් කළද, තමන්ට ඒ සඳහා බලතල නොමැති බව ප්‍රකාශ කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය මහතා එක් අයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියම කළේය.  

කෙසේ වෙතත් එම පිරිස එක්වර සමාජයට මුදාහරීම උචිත නොවන බැවින් අධිකරණයෙන් ඇප හිමිවු පුද්ගලයින් 13 දෙනා සහ පියුමි හන්සමාලි ඇතුළු පිරිස පස්සර නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමුකිරීමට කොටුව පොලීසිය පියවර ගත්තේය.

නිරෝධායනට රැගෙන යන අතරතුර නිරූපන ශිල්පි පියුමි හංසමාලි සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම තුළ සජීවිව අදහස් පළ කළේය.

https://youtu.be/EiXd-eF02JU

මේ අතර සාදය සංවිධානය කළ චන්දිමාල් ජයසිංහ පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පිටව යාමේදි ඔහුගේ ජිප් රථය මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය වී තිබීම හේතුවෙන් රථය පැදවු රියදුරු අද කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණි.

සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු 12,500ක ඇප මත මුදාහරිනු ලැබීය.

මේ අතර පසුගියදා කුරුණෑගල පොලිස් පරිශ්‍රයේදි නිරෝධායන රීතින් උල්ලංඝනය කරමින් නගරාධිපතිවරයාගේ උපන්දින සැමරුමට සහභාගිවීම හේතුවෙන් ස්ථාන මාරු කළ සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතා අද කුරුණෑගල නගරයේ පිරිත් පැන් ඉසීමේ අවස්ථාවකට සහභාගි වී සිටියේය.

  1. පට්ට වෙසාවෙක් සමග සක්කීලියන් රටේ නීති කඩලා , උන් හෙසිරෙන හැටි , රන්ජන්ට අධෝ මාරගය දීල අධෝ මාරගය නිසාම ජනප්‍රිය උන , මුදල් උපයපු එකියක් හෙසිරෙන සෙටි දෙක්කම දුකයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53