පියුමි හංසමාලිගේ පුත්‍රයාට ඇප

අත්අඩංගුවට ගත් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස අලුත් කඩේ අතිරේක මහේස්ත්‍රාත් මෙහොමඩ් රිස්වාන් මහතා නියෝග කර තිබෙනවා.

ඒ, සැකකරුව අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රාජගිරිය, කලපළුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසිය මගින් අද (13) පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණා.

පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
24
+1
1
+1
3
+1
2
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?