පියා සාප්පු සවාරි යද්දී දරුවන් පස් දෙනා නිවසේදි අවසන් ගමන් යයි

නත්තල් සාප්පු සවාරි සඳහා පියා නිවසින් පිටත්ව ගොස් සිටියදී නිවසක ගින්නකින් ඔහුගේ දරුවන් හතර දෙනා සහ තවත් ඥාති දරුවෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇරිසෝනා හි දෙමහල් නිවසක මෙම ගින්න පැතිර ගොස් ඇති අතර මියගිය දරුවන් වයස අවුරුදු 2, 4, 5 සහ 13 යන වයස්වල පසුවෙයි. ඥාති දරුවා 11 හැවිරිදි වියේ පසුවු බව සදහන්.

දරුවන්ගේ පියා බඩු සහ නත්තල් තෑගි ගෙන ඒමට සඳහා ගොස් පැය දෙක හමාරක පමණ කාලයක් සිටි බවයි වාර්තා වන්නේ.

මියගිය පස්දෙනාගේම සිරුරු උඩුමහලේ නිදන කාමරයක තිබී හමුවී තිබෙනවා.

ගින්න නිවා දැමීමට පැමිණි අසල්වාසීන් පවසා තිබෙන්නේ නිවස තුළ කිසිවකු සිටින බවට සටහනක් නොතිබුණු බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
4
+1
19
+1
7
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?