AFC Banner
AFC Banner
Empty Ad

පියා කොරෝනාවෙන් මිය යයි – දින කිහිපයකට කලින් පුතා බලන්නත් ඇවිත්

පුතා විසින් සිය දෙමාපියන් බැලීමට පැමිණි පසුව, සිය පියා මෙන්ම බාප්පා ද මිය ගොස්, අම්මා සහ සොහොයුරියන් දෙදෙනා වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට සිදු වීමේ පුවතක් කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයෙන්  වාර්තා වේ.

මීගමුව, කුරණ ප්‍රදේශයේ පදිංචි සජිත් චන්දන කුමාරසිංහ යන පුතා, සිය දෙමාපියන් බැලීම සදහා ඉකුත් 08 දින කටුනායක, ඇවරිවත්ත ප්‍රදේශයේ පිහිටි සිය මහගෙදර වෙත පැමිණ තිබුණි.

ඔහු එසේ පැමිණෙන විටත්, පී.සී.ආර්.පරීක්ෂණයකට සහභාගී වී සිට තිබේ.

මෙම පුතා සිය දෙමාපියන් සමග පැය භාගයක පමණ කාළයක් ගත කර, ඔහු ආපසු සිය පදිංචි නිවෙස වෙත ගොස් තිබේ.

එදිනම සවස ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසුව, ඔහු වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා නීරෝධායන ක්‍රියාවලියට යොමු කර තිබේ.

ඒ අතර 09 දින සවස ඔහුගේ මව වන 60 හැවිරිදි කන්නන්ගර හෙට්ටිආරච්චිගේ චන්ද්‍රා කන්නන්ගර, හුස්ම ගැනීමේ අපහසුතා, කැස්ස ආදී රෝග ලක්ෂණ හේතුවෙන් කටුනායක පොලීසියේ මැදිහත් වීමෙන් මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව, එම රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත යොමු කර තිබේ.

ඉන්පසුව ඔහුගේ පියා වන 66 හැවිරිදි සරත් චන්ද්‍ර නැමැති අයට ද පෙර කී රෝග ලක්ෂණ මතු වීම නිසා 12 දින යළිත් කටුනායක පොලීසියේ මැදිහත් වීමෙන් 1990 ගිලන් රථයක් ගෙන්වා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඔහු 14 දින මිය ගිය අතර, ඔහුට ද කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණය වීමෙන් පසුව, එදිනම සවස ඔහුගේ දේහය මීගමුව පොදු සුසාන භූමියේ දී ආදාහනය කර තිබේ.

ඒ අතර කටුනායක ඇවරිවත්ත නිවසෙහි සිටි මොහුගේ සොහොයුරියන් දෙදෙනාට ද කොරෝනා රෝග ලක්ෂණ මතු වීමෙන් පසුව , ඔවුන් ද නීරෝධායන ක්‍රියාවලිය සදහා රැගෙන ගොස් තිබේ.

ඒ අතර මෙම නිවසෙහි වාසය කළ සරත් චන්ද්‍රරත්න මහතාගේ මල්ලී වන, මන්ද මානසික රෝගී තත්වයෙන් පෙළෙමින් සිටි 60 හැවිරිදි ම්ත්‍රානන්ද කුමාරසිංහ මහතා ද මෙම රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසුව, ඊයේ (16) දින  මිය ගොස් ඇති අතර , එදිනම සවස කටුනායක පොලීසියේ මැදිහත් වීම මත ඔහුගේ දේහය ද ආදාහනය කර තිබේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?