පියා විසින් හිසට සහ දෙපාවලට වේවැලකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ දරුවෙක් මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අද (04) උදෑසන මෙලෙස රෝහල් ගතකර ඇත්තේ වයස අවුරුදු 13ක දරුවෙක් බවයි වාර්තා වුණේ.
නිවස ආසන්නයේ පිහිටි ලඳු කැලෑවක් හෙළි පෙහෙළිකරන ලෙස පියා විසින් මෙම දරුවාට උපදෙස් දී ඇති අතර, එය සිදුනොකිරීමෙන් කෝපයට පත්වූ පියා මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
නිවසේ තිබූ වේවැලකින් දරුවාගේ හිසට සහ දෙපාවලට වරින් වර පහරදුන් බවත් එය වැළැක්වීමට කටයුතු කරද්දී තමන්ට ද පහරදුන් බවත් දරුවාගේ මව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
මීට පෙර අවස්ථාවන්වල දී තම සැමියා විසින් දරුවාට මෙලෙස පහර දී ඇති බවයි මව වැඩිදුරටත් පොලිසිය පවසා ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් අරාව පොලිසිය පරීක්ෂණ පවත්වනවා.














