පියාගේ වේවැල් පහර කෑ දරුවා රෝහලේ

පියා විසින් හිසට සහ දෙපාවලට වේවැලකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ දරුවෙක් මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද (04) උදෑසන මෙලෙස රෝහල් ගතකර ඇත්තේ වයස අවුරුදු 13ක දරුවෙක් බවයි වාර්තා වුණේ.

නිවස ආසන්නයේ පිහිටි ලඳු කැලෑවක් හෙළි පෙහෙළිකරන ලෙස පියා විසින් මෙම දරුවාට උපදෙස් දී ඇති අතර, එය සිදුනොකිරීමෙන් කෝපයට පත්වූ පියා මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

නිවසේ තිබූ වේවැලකින් දරුවාගේ හිසට සහ දෙපාවලට වරින් වර පහරදුන් බවත් එය වැළැක්වීමට කටයුතු කරද්දී තමන්ට ද පහරදුන් බවත් දරුවාගේ මව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මීට පෙර අවස්ථාවන්වල දී තම සැමියා විසින් දරුවාට මෙලෙස පහර දී ඇති බවයි මව වැඩිදුරටත් පොලිසිය පවසා ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අරාව පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
7
+1
0
+1
1
+1
6
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23