පියාගේ කණ්ඩායමට පුතාගෙන් ප්‍රහාරයක් (වීඩියෝ)

පාකිස්ථාන සූපර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ 13 වන තරගය ලෙස ඉස්ලාමාබාද් යුනයිටඩ් සහ ක්වෙටා ග්ලැඩියේටර්ස් අතර තරගය ඊයේ (25) රාත්‍රියේ කරච්චි නුවර දී පැවැත් වුණා.

මෙම තරගයෙන් ලකුණු 63ක දැවැන්ත ජයක් හිමිකර ගන්නට ඉස්ලාමාබාද් යුනයිටඩ් ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණේ ග්ලැඩියේටර්ස් පිළට තරගාවලියේ සිව්වන තරග පරාජයත් උරුමකර දෙමින්.

මෙම තරගයේ දී කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉස්ලාමාබාද් පිළ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 220ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ අසාම් ඛාන් පන්දු 42ක් තුළ වේගවත් ලකුණු 97ක් රැස් කළේ දැවැන්ත හයේ පහර 08ක් සහ හතරේ පහර 09ක් ද සමඟින්.

බැරල් සුනිල් යන අන්වර්ථ නාමයෙන් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් අතර ප්‍රසිද්ධියට පත්ව සිටින අසාම් ඛාන්, ඊයේ තරගයේ දී ඉස්ලාමාබාද් යුනයිටඩ් පිළේ ප්‍රතිවාදීන් වූ ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පුහුණුකරු මොයින් ඛාන්ගේ පුත්‍රයා ද වනවා.

මේ අතර අනෙක් අන්තයේ සිට අසාම් ඛාන්ට අනඟි සහයක් ලබා දෙමින් අසිෆ් අලි පන්දු 24ක් තුළ ලකුණු 42ක් රැස් කරමින් ඉස්ලාමාබාද් ඉනිම ගොඩනැඟීමට දායක වුණා.

ලකුණු 221ක දැවැන්ත ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට පන්දුවාර 19යි එක් පන්දුවක් තුළ රැසකර ගත හැකිවූයේ ලකුණු 157ක් පමණයි.

ඒ අනුව මෙම තරගයෙන් ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමට ලකුණු 63ක ජයග්‍රහණයක් හිමි වූ අතර, මෙම ජයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ඔවුන්ට හැකියාව ලැබුණා.

තරගයේ විශේෂ අවස්ථා පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ ඡන්ම දිනය වෙනුවෙන් ආශිර්වාද පිංකමක්..රට භාරගන්න රනිල් හොඳින්න ඉන්න එපැයි
06:33
Video thumbnail
"තෙල් තියෙනවා ඕනි තරම් මහත්තයෝ"..බවුසර් රථ රියදුරන් කිව්ව දේ
01:38
Video thumbnail
මත්වෙන ඖෂධ පෙති අලෙවි කළ ඔසුසල් හිමියෙක් පොලිසියෙන් කුදලන් යයි
00:58
Video thumbnail
ආණ්ඩුව දැවැන්ත හොරකම් රාශියක් කළා..හොරකම පිළිබඳ අද කප් ගහලා ඉන්නේ
02:21
Video thumbnail
සංජීවගෙන් හඳුන්නෙත්තිටත් සැර සත්තමක්..මෙයාලා කරපු කැත වැඩ අපි කරන්නේ නෑ
03:06
Video thumbnail
ආණ්ඩුවේ අයගේ අතීතය මතක් කරලා චානක කිව්ව දේ..මුදල් අරබුදයක් නෑනේ..බඩු මල්ල දුන්නනම් හොඳයි
03:29
Video thumbnail
ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:29
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:52
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25