AFC Banner
AFC Banner
Empty Ad

පිටකොටුවේ රෙදිපිළි අලෙවි සැලක ගින්නක් – 6 දෙනෙකුට බරපතළයි (වීඩියෝ)

Update:- පිටකොටුවේ විශාල ප්‍රමාණයේ රෙදිපිළි අලෙවි සැලක හටගත් ගින්නෙන් තුවාල ලබා රෝහල්ගත කෙරුණු සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජාතික රෝහල් ආරංචි මාර්ග පැවසුවේ, ඉන් පුද්ගලයින් 06 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

——————————————————————————————–

පිටකොටුවේ විශාල ප්‍රමාණයේ රෙදිපිළි අලෙවි සැලක ගින්නක් හටගෙන තිබෙනවා.

අද පෙරවරුවේ දී මෙම ගිනි ගැනීමට ලක් ව ඇත්තේ පිටකොටුවේ දෙවැනි හරස් මාර්ගයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක්.

ගින්නෙන් එම රෙදිපිළි අලෙවි සැල මුළුමනින් ම විනාශ වී ඇති බවත් වාර්තා වනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවෙන් ගිනි නිවීමේ රථ 02ක් ද යොදාගෙන තිබෙනවා.

මෙම හදිසි අනතුරින් පිළිස්සුම් සහ ශ්වසන අපහසුතා සිදු වූ පුද්ගලයින් 15 දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න ඇති වීමට මෙතෙක් නිශ්චිත හේතුවක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
10
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?