පැහැර ගත් බව බවසා සැමියා රවටා මුදල් ගන්න හැදූ බිරිඳ පොලිස් අත්අඩංගුවේ

තමන්ව පැහැර ගත් බව පවසමින් සැමියා හා දරුවන් රවටා රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබාගැනීමට තැත්කළ කාන්තාවක් ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස මුදල් ලබා ගැනීමේ අරමුණින් අදාළ කාන්තාව වෙනත් නිවසක සැඟව සිටි ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

විශේෂ විමර්ශනයකින් පසු පසුගිය 15 වනදා මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය 50 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් බව සඳහන්

තිදරු මවක් වන සැකකාර කාන්තාව ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්