පැහැරගත් බව කී මාලිමාවේ මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරිය උණවටුන වෙරළ තීරයෙන් හමුවෙයි (වීඩියෝ)

පැහැරගැනීමකට ලක්වූ බව කී වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරිය උණවටුන වෙරළ තීරයේ සිටිය දී අද (27) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඔවුන් දෙදෙනාට කිසිදු හානියක් සිදුව නොමැති බවයි.

මෙලෙස පැහැරගැනීමකට ලක්වූ බව කී මන්ත්‍රීවරයා වැලිගම පොලිස් ස්ථානය පැමිණ පැමිණිල්ලක් ද සිදුකර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා අද (27) පැවති ඡන්ද විමසීමට පැමිණෙමින් සිටින අතර තුර ඔවුන් දෙදෙනා මෙලෙස පැහැරගැනීමට ලක්වූ බවයි තොරතුරු වාර්තා වුණේ.

මන්ත්‍රිවරු දෙදෙනාගේ පැහැරගැනීමේ සිද්ධිය මත පදනම්ව අද (27) පැවති වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල සභාවාරයේ නොසන්සුන්තාවක් ද ඇති වුණා.

ඒ, හේතුවෙන් එම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීමේ කටයුතු දින නියමයක් නොමැතිව කල් දැමීමට දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් උමංගා එරන්දි කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
4
+1
127
+1
12
+1
6
+1
7
+1
14
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?