පැවිදි වන ස්වාමින් වහන්සේලාගේ දෙමව්පියන්ට රජයෙන් නිවාස 1000ක්

පැවිදි වන ස්වාමින් වහන්සේලාගේ දෙමවුපියන් වෙනුවෙන් රජය මඟින් නව නිවාස සදා දීමේ වැඩපිළිවෙලක්, ”යතිවර මාපිය නිවහන” යන තේමාව යටතේ ආරම්භ කිරීමට පසුගිය කැබිනට් මණ්ඩලයේදී තීරණය වූ බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, ගමගෙදර දිසානායක පවසනවා.

එම වැඩසටහන යටතේ නිවාස 1000ක් නිමකර දීම සිදු වන බවත් එම වැඩසටහන ලබන මාසයේ සිට ආරම්භ කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ගලේවෙල, මීවල, පතහා පබ්බතාරාම පුරාවිද්‍යා සංරක්ෂණ ස්ථානය ජන අයිතියට පැවරීමෙන් පසු උත්සව සභාව අමතමින් ඔහු මේ බව පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?