AFC Banner
AFC Banner
Empty Ad

පැරිස් නුවර වෙඩි තැබීමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ප්‍රංශයේ පැරිස් නුවර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වෙඩි තැබීම සිදුව ඇත්තේ Gare de l’Est දුම්රිය ස්ථානයට නුදුරින් කුර්දි සංස්කෘතික මධ්‍යස්ථානයක් සහ කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථානයක් අසල දී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් 69 හැවිරිදි සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත් වී තිබෙනවා.

වෙඩි තැබීමේ අරමුණ පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති අතර සැකකරු මීට පෙර පුද්ගල ඝාතනවලට උත්සහ කිරීමේ සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් පොලිසිය හඳුනාගෙන ඇති ප්‍රංශ ජාතිකයෙකු බව ද සඳහන්.

සැකකරු අත්අඩංගුවට ගත් පොලිසිය ප්‍රහාරයට යොදාගත් ගිනි අවිය ද සොයා ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?