පැරා ලෝකඩ පදක්කම් ශූරයින් යළිත් මව්බිමට

ඉන්දියාවේ පැවති 2025 “පැරා” ලෝක ශූරතා තරගාවලිය සඳහා ( PARA World Championship – Athletics -2025 )  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නුවන් ඉන්දික සහ ප්‍රදීප් සෝමසිරි යන ක්‍රීඩකයින් දෙදෙනා , එහිදී තමන් සහභාගී වූ ඉසව් වලින් ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන අද (07) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගාවලියට ලෝකයේ රටවල් 100 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 980 දෙනෙක්ගේ සහභාගීත්වයෙන් පසුගිය 27 දින සිට 05 දින දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවර පවත්වා තිබුණා.

එහිදී දුර පැනීමේ ඉසව් සදහා සහභාගී වූ නුවන් ඉන්දික මීටර් 06.46 ක දුරක් පනිමින් , ඔහුගේ පෞද්ගලික හොදම දක්ෂතාවය කරා පැමිණෙමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

එසේම මීටර් 1,500 දිවීමේ ඉසව්වට සහභාගී වූ ප්‍රදීප් සෝමසිරි ආසියානූ තරග වාර්තාවක් තබමින් ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවා.

එමෙන්ම මෙම තරගාවලියට සහභාගී වූ මීටර් 100 සහ දුර පැනීමේ ඉසව් වලට සහභාගී වූ ජනනි ධනංජනා ඇයගේ හොදම තරග කාලය වාර්තා කිරීමට සමත් වී තිබූ අතර මෙම තරගාවලියේ දුර පැනීමේ ඉසව්වට සහභාගී වූ බුද්ධික ප්‍රනාන්දු ඔහුගේ වැඩිම පුද්ගල දක්ෂතාවය පෙන්නුම් කිරීමට ද සමත් වී තිබෙනවා.

මව්බිමට පැමිණි ඔවුන් පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?